ශ්‍රී ලංකා - බංග්ලාදේශ ගැටුමේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
By Mithu
2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව කණ්ඩායම් නායකයා තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.
ආසියානු කුසලානයේ 05 වැනි තරගය ලෙසින් අද (13) පැවැත්වෙන මෙම තරගය අබුඩාබි හි Sheikh Zayed ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 08.00ට ආරම්භ වීමට නියමිතයි.
