වාන් දොරටු තුනක් විවෘත‍යි, මහජනතාවට අවධානයෙන් සිටින මෙන් නිවේදනයක්

Report

උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද (13) දින පස්වරුවේ විවෘත කළ බව මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ උල්හිටිය රත්කිද ජලාශයේ එක් වාන් ගේට්ටුවක් 0.3 මීටර් බැගින් ද අනෙක් වාන් ගේට්ටු දෙක 0.2 මීටර් බැගින් ද විවෘත කර තිබෙන බව‍යි.

එසේම මේ හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින ලෙසද ඔහු දැනුම් දෙයි.

මේ අතර 2025 යල කන්නයට මහවැලි සී කලාපය වෙනුවෙන් අවශය වාරි ජලය නිකුත් කිරීම අවසන් වී ඇති බවත් ජලාශයේ අත්‍යවශ්‍යය හදිසි නඩත්තු කටයුත්තක් සඳහා ජලමට්ටම අඩු කර ගැනීමර මෙසේ වාන් දොරටු විවෘත කළ බවත් සඳහන්.

කෙසේ වෙතත් මින් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයයේ කෝසුව භාවිතා කිරීමට බාධාවක් නොවන බවද එහි කාර්යභාර නිලධාරි දීප්ත ජයසේකර මහතා පවසයි.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්