නේපාලේ ගිනි ගත්තේ දකුණු ආසියාතික බෞද්ධ රටවල් වැනසීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි - අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමි

Report

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන් බෞද්ධ රටවල ගැටුම් ඇති කර වැනසීමේ කුමන්ත්‍රණයක් ඇතැයි පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වූයේ,

නව අගමැති කාර්කි නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි

නව අගමැති කාර්කි නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි

“නේපාලයේ ඇති වූ අතිශය කනගාටුදායක සිදුවීම් මාලාව පිළිබඳව අප මහත්සේ කම්පනයට පත්වූවා. බුදු පියාණන් වහන්සේ උපන් දේශයේ මේ ආකාර ශෝචනීය දරුණු කැරැල්ලක් නිර්මාණය වී ඇති වූ සංවේගජනක සිදුවීම් මාලාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. දකුණු ආසියාතික රටවල් වැනසීමේ යම් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ කලක පටන් ක්‍රියාත්මක වන බවක් පැහැදිලිව පෙනී යනවා. විශේෂයෙන් අතීතයේ බෞද්ධ ලෙස පැවැති රටවල මෙන්ම බෞද්ධ උරුමයන් ඇති රටවල ගැටුම් ඇතිකර එම රටවල් වැනසීමට ගන්නා උත්සාහයක් ඇති බව නේපාලයේ සිදුවීම දෙස බලන විට පෙනී යනවා. ඛේදවාචකයකට මුහුණ පාන්නේ නැහැ, නේපාලය වැනසීමේ කැරැල්ලේ පෙරමුණ ගත් තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදන්නා පිරිසක් බව පැහැදිලිය. එසේ දැන සිටියා නම් ඔවුන් තමන්ගේ රට මේ අන්දමින් විනාශ නොකරනු ඇත. නේපාලය යනු දියුණු වෙමින් පවතින රටකි. තමන් මේ විනාශ කර දැම්මේ තමන්ගේම දේපොළ බව එම රටේ තරුණ පිරිසකට අවබෝධ වීමට වැඩි දිනක් ගත නොවනු ඇත. අතීතයේ මහ රජවරු පාලනය කළ නේපාලය අද ගිනි ගෙන දැවෙන විට එම රටින් බිහිවූ මහා පුරුෂයකුගේ දහම පිළිපදින මිනිසුන් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට ඇතිවූයේ මහත් වූ සංවේගයකි.

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්

නේපාලයේ අරගලය ම්ලේච්ඡ දිශාවකට ඇදී ගොස් අමු අමුවේ මිනිස්සු මරා දමන තත්ත්වයට පත් වුණා. මෙම තරුණ පිරිස පිටුපස සිට ඔවුන් කවුරුන් හෝ මෙහෙයවා ඇති බව පැහැදිලිය. මේ සිදුවීම මහා ඉතිහාසයක් ඇති නේපාලයේ ගෞරවයට සිදුවූ බරපතළ හානියක් බව සිහිපත් කළ යුතුයි. තව ද පාලකයෝ රට පාලනය කරනවා වෙනුවට ඒ ඒ රට විසින් පාලකයෝ පාලනය කරන තත්ත්වයක් උදාවුවහොත් ප්‍රජාතන්ත්‍රවාදයත් මිනිස් සංහතියත් මේ මිහිතලයෙන් අතුගෑවී යන දිනය වැඩි ඈතක නොවනු ඇත. ඒ නිසා ගිනි ගන්නා ලොව නිවන්නට අද ලෝක ආගමික නායකයෝ සියල්ල පෙරට ආ යුතු බව සිහිපත් කළ යුතුයි”

විද්‍යාපීඨවලට ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

විද්‍යාපීඨවලට ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්