පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට රජයෙන් කරන්න ‍යන දේ

Report

දශක ගණනාවකට පසුව කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමට මේ වනවිට සූදානම් කෙරෙමින් පවති‍න බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ එම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වන්නේ වසර 60කට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම කාර්යය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 424ක් බව සඳහන්. පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිවන්නේ 1964 වසරේදීයි.

ඒ අනුව වර්තමානය වන විට එහි සිට දිනපතා ක්‍රියාත්මක වන බස්රථ ගමන්වාර ගණන 1500කට අධික බව වාර්තා වේ.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

එහෙත් දිනකට දහස් ගණනක් භාවිත කළද දශක ගණනක් පුරා නිසි නඩත්තුවක් නොකිරීම හේතුවෙන් මෙම බස් නැවතුම්පොළ අභාවයට යමින් තිබෙන බව සඳහන්.

එයට විසඳුමක් ලෙස මෙරට බස් නැවතුම්පොළ 50ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට රජය පියවර ගෙන ඇති බව පවසයි.

ඒ අනුව පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බව සඳහන්.

එසේම මෙම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය ගුවන් හමුදාවේ තාක්ෂණය භාවිතයෙන් සිදු කරන අතර නව ව්‍යාපෘතිය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් වීමට දැනටමත් බස් නැවතුම් පොළෙහි බස් රථ මෙහෙයුම් නතර කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව බස් නැවතුම්පොළ නවීකරණය කිරීමට අදාළව බස් නැවතුම්පොළ පරිශ්‍රයේ පිහිටි වෙළෙඳසැල් ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්