නේපාල බන්ධනගාරවලින් පැනගිය සිරකරුවන් 13,500කට යළි බාරවන ලෙස නියෝග

Report

නේපාලයේ දින පහක් පුරා පැවති ප්‍රචණ්ඩකාරී තත්ත්වය, නව අගමැතිනිය පත්කිරීමෙන් පසුව පහව යන පසුබිමක, සාමාන්‍ය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදාව විසින් ඇදිරි නීතිය ඉවත් කර තිබෙන බවත් සිරගෙවල්වලින් පැනගිය සියලුම සිරකරුවන්ට යළි පැමිණෙන ලෙසද නේපල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති බවත් මාධ්‍යවේදී ගිරිස් ගිරී පවසනවා.

එරට මාධ්‍යට අනුව රට පුරා බන්ධනාගාරවලින් රැඳවියන් සහ සිරකරුවන් 13,500 කට වැඩි පිරිසක් දිස්ත්‍රික්ක 77 කින් පැනගොස් ඇති අතර ඉන්දීය දේශසීමා හමුදා බලකායන් බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ බටහිර බෙංගාලයට රිංගා යාමට උත්සාහ කළ සිරකරුවන් අත්අඩංගුවට ගෙන නේපාල බලධාරීන්ට ආපසු භාර දී ඇති බවත්  කියා සිටියා.

රටපුරා විශේෂ මෙහෙයුමක් - මේකයි සිද්ධ වෙන්නේ

රටපුරා විශේෂ මෙහෙයුමක් - මේකයි සිද්ධ වෙන්නේ

බන්ධනාගාර පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් පලා ගිය සියලුම රැඳවියන් සහ සිරකරුවන්ගෙන් නැවත භාරවෙන ලෙසත්, පවතින නීති ක්‍රියාවලියට යටත් වන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා සිට තිබෙන බව ඔහු පවසනවා.

“ඔවුන් සැඟවී සිටියහොත්, නීතියෙන් නියම කර ඇති දඬුවම දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් ඔවුන් සමාජගත කිරීමේ ක්‍රියවලියට අහිතකර බලපෑම් මේ මගින් ඇතිවනු බවද බලධාරීන් එම නිවේදනයෙන් අනතුරු අඟවලා තියෙනවා,” ගිරී පවසා සිටියා.

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ යන රියදුරන්ට දැනුම් දීමක්

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ යන රියදුරන්ට දැනුම් දීමක්

පැවති රජය විසින් මාධ්‍ය මර්ධනය සඳහා නව නීති පැනවීමත් සමඟ Gen Z තරුණ පිරිස විසින් පටන් ගන්නා ලද විරෝධතා ප්‍රචණ්ඩාකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය. දින ගණනක් වසා දැමීමෙන් පසු සාප්පු, සිල්ලර වෙළඳසැල්, එළවළු වෙළඳපොළවල් සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කර ඇති අතර මාර්ගවල ගමනාගමනය නැවත ආරම්භ වි ඇති බව ඔහු සඳහන් කළා.