සංවර්ධන නිලධාරීන් 16600ක් වෙනුවෙන් පෙනී සිටින්න සූදානම් වෙන විපක්ෂ නායක සජිත් බලයේ හිටිය නම් ප්‍රශ්නේ විසඳනවලු
තමන් ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස ඉල්ලමෙන් ගුරු සංවර්ධන නිලධාරීන් 16600ක ප්‍රමාණයක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වා තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට රැස්ව සිටින මේ පිරිස හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම ස්ථානයට ගිය අතර මෙම සංවර්ධන නිලධාරීන් 16600 වෙනුවෙන් ඔහු පෙනී සිටින බවත් පාර්ලිමේන්තුවේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ බවත් සඳහන් කළේය.
පසුගිය රජයෙන් 2020 දී උපාධිධාරීන් 53000ක් බඳවා ගෙන 22000ක් ගුරුවරුන් ලෙස නිදහස් අධ්‍යාපනය සවිමත් කරන්න යොමු කළ බවත් කොරෝනා වසංගතයේ අපහසුතා මැද මේ අය විශිෂ්ට සේවාවක් ඉටු කළත් මේ අයගෙන් ගත හැකි උපරිම වැඩ අරගෙන දැන් අතහැර දමා ඇති බවත් සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (13)කොටුව දුම්රිය පොළ අසලදී උද්ඝෝෂණයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට ගිය අවස්ථාවේ දී ය පළපුරුද්ද ඇති මේ අය ප්‍රායෝගික විභාගයක් පවත්වා 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පසුව වසර තුනක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ගැනීමට සමථකරණය හරහා තීරණයක් ගෙන ඇති බවත් 2005 දී පවා මේ ආකාරයට ගුරුවරුන් බඳවා ගත් නිසා දැන් එය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මේ අයට අසාධාරණයක් වන බවත් මේ අය දේශපාලන වාසි ගෙන පැත්තකට විසි කර ඇති බවත් මේ අය වෙනුවෙන් එදත් අදත් හෙටත් සමගි ජන බලවේගය පෙනී සිටින බවද සජිත් ප්‍රේමදාස සදහන් කරනවා.
අගමැතිවරියගේ අමාත්‍ය මණ්ඩල සටහනකට අනුව පවතින උපාධිය මූලික සුදුසුකම් වූ තනතුරුවල පවතින පුරප්පාඩු ප්‍රමාණය සලකා 50000ක පුරප්පාඩු සදහා බඳවා ගත හැකි බව සදහන් බවත් එම නිසා කරුණාකර මේ අයට රැකියා දෙන ලෙසත් යුතුකම සහ යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
සමගි ජන බලවේගය බලයේ සිටියා නම් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන බවත් මේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවා