තවත් දරුණු බස් අනතුරක්, පැදලා තියෙන්නේ මත්ද්‍රව්‍ය අරන් ලයිසන් එකකුත් නැතුව

Report

අද (13) දින අලුයම මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථයක් මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක් වී ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ සිට මොරටුව බස් නැවතුම්පළ දක්වා මගීන් රහිතව ධාවනය වූ බස් රථය මාර්ගය මධ්‍යයේ තිබුණු බෝගසක ඉදිරිපස වැදීමෙන්.

එසේ වැඩීමත් සමඟ ඉදිරියට ඇදී ගිය බස් රථය නැවතී තිබුණේ මාර්ගයේ වම්පස තිබූ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගොඩනැගිල්ලක නාමපුවරුවේ වැදීමත් සමඟයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ රත්මලාන බෙළෙක් කඩය හංදියේ තිබූ බස් රථය බස් නැවතුම්පළට ධාවනය කර ඇත්තේ බස් රථයේ කොන්දොස්තර විසින් බවයි.

එසේම ඔහු මත්පැන් මෙන්ම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා. 23 හැවිරිදි ඔහු සතුව රියදුරු බලපත්‍රයක් ද තිබී නොමැති බව සඳහන්.

මෙම අනතුර සමඟ ඔහු මාර්ගයට ඇද වැටී ඇති අතරින් තුවාල වූ ඔහු පානදුර මූලික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

තවද පොලීසිය පැවසුවේ කොන්දොස්තරවරයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම බලපත්‍රයක් නොමැතිව බස් රථය ධාවනය කිරීමට ඉඩ සැලැස්වීමේ වරදට බස් රථයේ හිමිකරුද අත්අඩංගුවට ගන්නා බව පොලීසිය සඳහන් කළා.

කෙසේ වෙතත් රට පුරා දිනෙන් දින සිදුවන මෙවැනි අනතුරු නිසා අන්තරාදායක ලෙස අමතර උපාංග සවිකර ධාවනය කරන රථ වාහන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්