රටපුරා විශේෂ මෙහෙයුමක් - මේකයි සිද්ධ වෙන්නේ
ඊයේ (12) දිනයේ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලදී වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් පරීක්ෂා කිරීම්වලදී සැකපිට පුද්ගලයින් 639ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 17ක්, වරෙන්තුකරුවන් 232ක් සහ විවෘත වරෙන්තුකරුවන් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම බීමත් රියදුරන් 34 දෙනෙකු, අපරික්ෂාකාරී රිය පැදවීම්වලට සම්බන්ධ 33 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ වෙනත් රථවාහන වැරදිවලට අදාළව පුද්ලයින් 3709 දෙනෙකු සදහා ද නීතිය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව ඊයේ දිනයේ පමණක් දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 26,985 දෙනෙකු පරීක්ෂා කළ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.