රජයේ රෝහල්වලට කරන්න හදන අලුත්ම වෙනස, මෙහෙම කළොත් නම් ආයේ පෝලිමේ ඉන්න ඕනේ නෑ

Report

රජයේ රෝහල්වල මේ වන විට පවතින අධික තදබදය මඟහරවා ගැනීමේ අරමුණින් ළමා හා මාතෘ සායනයන්හි වෛද්‍ය මධ්‍යස්ථානයන් ආරම්භ කිරිමට රජය තීරණය කර ඇති බව පවසයි.

ඒ අනුව මෙහි පළමු පියවර යටතේ එළඹෙන මාසය තුළ මාතෘ හා ළමා සායනයන් 5ක නියමු ව්‍යාපෘති ආරම්භ කරයි.

එසේම මේ වසර අවසාන වීමට පෙර වෛද්‍ය මධ්‍යස්ථානය 50ක් ආරම්භ කිරීමට ද පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී අනාවරණය වී ඇත.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

තවද රජයේ ඉලක්කය වී ඇත්තේ ලබන වසර අවසාන වන විට රටපුරා වෛද්‍ය මධ්‍යස්ථාන 1000ක් ආරම්භ කිරිම බවද සඳහන්.

ඒ අනුව තෝරාගත් මාතෘ හා ළමා සායනයන් අලුත්වැඩියා කිරීමට සහ ප්‍රමාණය විශාල කර සැකසීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙහි ළමා හා මෘතා සායනයන් පෙර පරිදිම සිදුකරන අතර ඊට අමතරව වෛද්‍ය සායනයන් පවත්වාගෙන යාමට ද කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

මේ අතර මෙම වෛද්‍ය සායනයන් තුළ බාහිර රෝගී අංශයන්, සායන, රසායනාගාර පහසුකම් සැලසීමට සැලසුම් කර ඇති අතර එමගින් රෝහල්වල පවතින අධික තදබදය අවම වනු ඇති බවද ප්‍රකාශ කරයි.

එබැවින් මෙහිදී ඉලක්කය වී ඇත්තේ එක් වෛද්‍ය සායනයක් රෝගීන් 5000 – 10000ක් වෙනුවෙන් වෙන් කිරීමටයි.

ඒ අනුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානයන්වලට පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සොයා ගැනීම මේ දිනවල සිදුවෙමින් පවතින බවද පවසයි.

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්