රාජ්‍ය ආයතන 843ක සිස්ටම් වෙනස් වෙන්න යන්නේ මේකයි ඉස්සරහට වෙන්නේ

Report

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA)නව සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය ආයතන 843ක් ඇගයීමට සහ අධීක්ෂණය කිරීමට නව කළමනාකරණ පද්ධතියක් සකස් කරන බවයි.

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

මෙම රාජ්‍ය ආයතන අධීක්ෂණය සහ ඇගයීම තුළින් ඵම ආයතනවල කාර්යක්ෂමතාව ‍ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගත හැකි බවත් ඕනෑම රාජ්‍ය ආයතනයක භෞතික තත්ත්වයන්වලට අමතරව එහි කාර්යක්ෂමතාවය පිළිබඳව අවධානය යොමු කිරීමද ඉතා වැදගත් බවත් නව සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට යටතේ අධීක්ෂණය වන රාජ්‍ය ආයතන 843 කට මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන බවත් ඒ සඳහා UNDP සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඒ සදහා ජාතික ඇගයීම් සංගමය ,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු ආයතනවල සහාය ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බවයි.

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

උදාහරණයක් වශයෙන් ගොඩනැගිල්ලක් සඳහා යන වියදම පිළිබඳව සොයාබලනවා සේම එම ගොඩනැගිල්ලෙන් ලැබෙන ප්‍රතිලාභය සහ ඵලදායීතාව සම්බන්ධයෙන් වාර්තා සොයා බැලීමටද වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.

මීට අමතරව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ක්‍රියාවලිය තවත් පුළුල් කොට ඵය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක්ම ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මන්ත්‍රීවරයා පවසයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක