ඉස්ලාමීය සටන්කාමීන්ගේ දරුණු ප්‍රහාරයකින් පාකිස්තාන සොල්දාදුවන් 12ක් ජීවිතක්ෂයට
By Kaushi
වයඹදිග පාකිස්තානයේ හමුදා රථ පෙළකට ඉස්ලාමීය සටන්කාමීන් මඟින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
එම ප්‍රහාරය නිසා පාකිස්තාන සොල්දාදුවන් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එසේම ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල දකුණු වසිරිස්තානයේ කඳුකර බඩාර් ප්‍රදේශයේදී සොල්දාදුවන් වාහනවලින් ගමන් කරමින් සිටියදී මෙසේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වුවද දෙපාර්ශවය අතර ඇති වූ දරුණු වෙඩි හුවමාරුවෙන් අනතුරුව පාකිස්තාන සොල්දාදුවන් 12 දෙනෙකු සහ ඉස්ලාමීය සටන්කාමීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පකිස්ථාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.