වාර්තාවක්ද තබමින් දකුණු අප්‍රිකාවෙන් ලංකාවට දැවැන්ත ඉලක්කයක්..!
අද (07) 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවැත්වෙයි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 428ක් රැස් කළේය.
දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ප්‍රබල ඉලක්කයක් කරා රැගෙන යමින් ක්වින්ටන් ඩී කොක්, රසී වැන් ඩර් ඩූසන් සහ ඒඩ්න් මාක්‍රම් ශතක වාර්තා කළේය
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක මෙතෙක් වාර්තා කර ඇති වේගවත් ම ශතකය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒඩ්න් මාක්‍රම් අද(7) සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ට එරෙහිව ඔහු සිය ශතකය ලබාගත්තේ පන්දු 49කිනි. මීට පෙර එම වාර්තාව හිමිකර ගෙන සිටියේ අයර්ලන්තයේ කෙවින් ඕබ්‍රයන් ය.
ඔහු 2011 වසරේදී එංගලන්තය ට එරෙහිව පන්දු 50කදී ශතකය වාර්තා කර තිබුණි.
ඒ අනුව එම තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 429කි.