මේ අයට ලයිසන් එක ගන්න ටෙස්ට් නෑ - ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන දැනුම් දෙයි
ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර, 2025 දෙසැම්බර් 12 වැනි සිකුරාදා, ඉතාලියේ රෝම නගරයේදී, රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත් කර ඇත.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොද්‍රිගෝ ගිවිසුමට අත්සන් තැබුවේය, ඉතාලි රජය වෙනුවෙන් විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපෝදි විසින් අත්සන් කර ඇත.

මෙම අත්සන් කිරීම, 2021දී කල් ඉකුත් වූ පූර්ව ගිවිසුම අලුත් කිරීමට දෙරට මෝටර් රථ ප්‍රවාහන බලධාරීන් අතර පවතින සාකච්ඡාව සාර්ථක වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ බව සංකේතවත් කරයි.
මෙම ගිවිසුම යටතේ, දෙරටේ ස්ථිර පදිංචි පුද්ගලයන්ට තම ජාතික රියදුරු බලපත්‍ර අනෙක් රටේදී න්‍යායික , ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය වීමේ අවශ්‍යතාවයකින් තොරව භාවිතා කිරීමට පහසුකම් සැලසෙයි.
මෙම ගිවිසුම ප්‍රථම වරට 2011දී අත්සන් කරන ලද අතර, 2016දී අලුත් කර 2021දී කල් ඉකුත් විය. වසර හයක කාලයක් සඳහා වලංගු වන මෙය, ඉතාලිය තුළ විශාල ශ්‍රී ලාංකික පදිංචි ප්‍රජාවට රැකියා අවස්ථා සහ අනාගත වෘත්තීය දායකත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
ගිවිසුම වසර පහකට වලංගු වන අතර, දෙරට රජයන් විසින් අපරානුමත කිරීමෙන් පසු, එය දින 60ක් තුළ බලාත්මක වීමේ හැකියාව ඇති අතර, බලාත්මක කිරීමෙන් පසු දෙපාර්ශ්වයම නිවේදනයක් නිකුත් කර ඇත.