ජපානය පරදා ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්

By Mithu Jan 17, 2026 03:38 PM GMT
Report

අද (17) දිනයේ 19 යටතේ යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජපානය සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් අතර පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම 203 ලකුණු හිඟයෙන් ජය ගැනීමෙන් අවසන් විය.

ජපාන කණ්ඩායම පන්දුවාර 50 අවසන් වන විට කඩුළු 08ක් බිඳ දැමීය.388 ලකුණු ඉලක්කයක් ගත් යොවුන් කණ්ඩායම, කඩුළු 08ක් බිඳ දැමුවේ 184 ලකුණු පමණක් පමණක් රැස්කරගැනීමෙන් ය.

කල්දැමූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා තිදරුපියා උපවාසයේ

කල්දැමූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා තිදරුපියා උපවාසයේ

ඔවුන් අතර හියුගෝ කෙලී 101* ලකුණු, නිහාර් පර්මාර් 23, නායක කසුමා කැටෝ-ස්ටැෆර්ඩ් 19, ටේලර් වෝ 18 ලකුණු රැස්කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර, නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩුළු 04ක් බිඳ දැමීමත් සමඟ 387 ලකුණු රැස්කළේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දිමන්ත මහාවිතාන සහ විරාන් චමුදිත විසින් පළමු කඩුල්ලට එක්ව 328 ලකුණු සබඳතාවක් ගොඩනැඟුවා. දිමන්ත මහාවිතාන 115 ලකුණු, විරාන් චමුදිත 192 ලකුණු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කළා. විරාන් චමුදිත මෙහිදී යොවුන් එක්දින ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩකයෙක් විසින් ලබා ගත් ඉහළම ලකුණු වාර්තාවද සලසා ඇත.

මෙයට පෙර, 2018 ලෝක කුසලාන තරගාවලියේ කෙන්යාවට එරෙහිව හසිත බෝයගොඩ 191 ලකුණු රැස් කර තිබුණි. ජපාන කණ්ඩායම වෙනුවෙන් තිමෝති මුවර් පන්දුවාර 03ක කඩුළු බිඳ දැමීය.

88,89 කාලේ සෙල්ලම් දැන් දාන්න ලෑස්ති වෙන්න එපා අපිව නවත්තන්න බෑ - නමල්ගෙන් සැර ප්‍රකාශයක්

88,89 කාලේ සෙල්ලම් දැන් දාන්න ලෑස්ති වෙන්න එපා අපිව නවත්තන්න බෑ - නමල්ගෙන් සැර ප්‍රකාශයක්