රුසියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ - අයෙක් ජීවිතක්ෂයට

Report

රුසියාවේ වයස අවුරුදු 88ක් වූ පුද්ගලයෙකු, තමන් විසින්ම නිපදවූ හෙලිකොප්ටරයක් පරීක්ෂා කිරීම සඳහා ගුවන්ගත වීමට උත්සාහ කරන අවස්ථාවේ එය කඩා වැටීමෙන් මියගොස් තිබේ.

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

මෙම සිදුවීම සිදුවී ඇත්තේ රුසියාවේ කිරොව් කලාපයේ ඔමුට්නින්ස්කි දිස්ත්‍රික්කයේය.

අදාළ පුද්ගලයා, තමන්ගේම නිර්මාණයක් වන හෙලිකොප්ටරය පරීක්ෂා කරමින් ගුවන්ගත වීමට උත්සාහ කළ අවස්ථාවේදී, යානය අවිධිමත්ව පියාසර කරමින් බිමට කඩා වැටී ඇති අතර ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ඇමතිවරු 25ක් නාමල් හමුවෙති - වෙන දේ මෙන්න

හිටපු ඇමතිවරු 25ක් නාමල් හමුවෙති - වෙන දේ මෙන්න

මෙම ගුවන් යානය රාජ්‍යයට ලියාපදිංචි කර නොමැති බවත්, සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන් වහාම විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ව්ලැඩිමීර් ට්‍රැපෙස්නිකොව් නම් නව නිපැයුම්කරු වන අතර, ඔහු ළමා වියේදී ගුවන් නියමුවෙකු වීමට සිහින දුටු අයෙකි.

1985දී ඔහු තමන්ම සකසාගත් ගුවන් යානයකින් සාර්ථක ගමනක් සිදු කරමින් විශේෂ කැපවීමක් පෙන්නුම් කළ අතර, එය පිළිබඳව කෙටි චිත්‍රපටයක්ද නිර්මාණය විය.

ඔහු විසින් මෙතෙක් පියාසර යන්ත්‍ර පහක් නිර්මාණය කර තිබූ අතර, අවසන් වරට උත්සාහ කළ යානය විනාශ වී ඔහුගේ ජීවිතයත් සමඟ අවසන්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.