අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට පදිංචිව සිටින නිල නිවසින් ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

ඔහු සඳහන් කළේ, මෙම නිවසේ වාසය කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අයිතියක් වන අතර, කිසිඳු බලහත්කාරයකට හෝ විශේෂ වරප්‍රසාදයකට අනුව නොව, නීතිමය පදනමකින් සිදුවන එකක් බවයි.

පස් කාලා කැරට් 24 රත්තරං මළපහ කරන ජීවියෙක් හමුවෙලා මෙන්න

පස් කාලා කැරට් 24 රත්තරං මළපහ කරන ජීවියෙක් හමුවෙලා මෙන්න

නමුත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත සම්මත වී නීතියක් බවට පත්වූ පසු, එම නීති රීතිවලට අනුකූලව නිල නිවසින් ඉවත්වීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවද මන්ත්‍රීවරයා පැවසීය.

කොන්ද රිදෙනවද? මේ ටික කරොත් වේදනාවක් තිබ්බද කියලත් අමතක වෙයි

කොන්ද රිදෙනවද? මේ ටික කරොත් වේදනාවක් තිබ්බද කියලත් අමතක වෙයි

ඔහු තවදුරටත් අවධාරණය කළේ, විධායක ජනාධිපතිවරුන්ට කාලයකදී බරපතළ තීරණ ගන්නට සිදුවන අතර, ඔවුන් ධූරයෙන් විශ්‍රාම ගත් පසු විවිධ අවදානම් සහ විරුද්ධතා වලට මුහුණ දෙන්නට සිදුවිය හැකි බවයි.

"එවැනි තත්ත්වයන්ට සූදානම් වීමට සහ ජීවිත ආරක්ෂාව තහවුරු කර ගැනීමට, විශ්‍රාමික ජනාධිපතිවරුන් සඳහා යම් ආරක්ෂක ආවරණයක් ක්‍රියාත්මක විය යුතුය" යැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

"වත්මන් ජනාධිපතිවරයා පාතාලය මර්දනය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර, ඔහු විශ්‍රාම ගත් පසු එම පාතාලයෙන් එල්ල විය හැකි ප්‍රතික්‍රියා වලට මුහුණ දිය යුතුය. එවැනි තත්ත්වයන් සලකා බලමින් පසුගිය කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහතික කර තිබුණා" යැයිද ඔහු අවසානයේදී පැවසීය.