විභාග ලකුණු අඩු නිසා සියදිවි නසාගෙන - ගුරුවරයගේ පිඩනේ ඉවසගන්න බැරි වෙලා

Report

හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාසලක ඉගෙනුම ලබා සිටි අවුරුදු 15ක් වූ පාසල් දැරියක්, පන්ති භාර ගුරුවරයෙකුගෙන් විභාග ලකුණු අඩුවීම සම්බන්ධයෙන් එල්ල වූ පීඩනයක් හේතුවෙන් ඖෂධ පෙති බොමින් සිය දිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි.

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය, දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලක බාල සාමාජිකාවක් වන අතර, ඇගේ පියාද විදුහල්පතිවරයකු වශයෙන් කටයුතු කරයි.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

පොලීසිය පවසා ඇති පූර්ව විමර්ශන අනුව, වාර විභාගවලදී ලකුණු අඩුවීම හේතුවෙන් ගුරුවරයා ඇයව අනෙකුත් සිසුන් ඉදිරියේදීත් විවේචනයට ලක් කළ අතර, ඒ හේතුවෙන් දැරිය දැඩි මානසික පීඩනයකට ලක්වී තිබේ.

හිසරදයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය ඇය පාසලට නොපැමිණීම පිළිබඳව වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ අවස්ථාවකදී, ගුරුවරයා ඇයව විනය භාර හිමිනම වෙත යොමු කර තිබූ බවත්, එහිදී ඇයට දඬුවමක් ද පැනවූ බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම සිදුවීමෙන් දැඩි මානසික ආතතියට ලක්ව නිවසට පැමිණි දැරිය, නිවසේ තිබූ ඖෂධ පෙති කිහිපයක් පානය කර ඇති අතර, ඒ පිළිබඳව ඇයගේ සහෝදරියක් දැනුවත් කිරීමෙන් පසු වහාම වේරහැර යුද හමුදා රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී ඇය ජූලි 31 වැනිදා ජීවිතක්ෂයට පත්වී ඇත. මෙම අවාසිය සිදුවීම සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, දැරියගේ මිය යාම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමුකර ඇත.