ප්‍රභල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න..
By Sewvandhi
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ආරම්භවීමට නියමිතව එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
එම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වේ.
චරිත් අසලංක - නායක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් ,කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ ,නිශාන් මධුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු ,දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ ,අසිත ප්‍රනාන්දු ,ලහිරු කුමාර මොහොමඩ් ෂිරාස්, එෂාන් මාලිංග
තරග දෙකකින් යුතු ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 12 වැනිදා සහ දෙවැනි තරගය පෙබරවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම තරග දෙකම දිවා තරඟ ලෙසින් පැවැත්වෙන අතර තරඟ දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
You may like this video 👇