ලංකාවේ තේ අනතුරේ - කර්මාන්තශාලා 250ක් වහලා ලක්ෂ 10කට අධික පිරිසකගේ ජීවිකාව අවදානමේ

Report

ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සමන් ගීගනගේ මහතා විසින් මෙරටට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක දැවැන්ත ආදායමක් ගෙන එන තේ කර්මාන්තය නිසි කළමනාකාරීත්වයකින් යුතුව පවත්වාගෙන යන්නේ නම්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට පවතින සමස්ත විදේශ ණය බර ගෙවා දැමීමට හැකියාව පවතින බව සඳහන් කරයි.

එහෙත් වර්තමානය වන විට මෙම සමස්ත කර්මාන්තයම අතළොස්සක් වූ ධනවතුන් පිරිසකගේ ග්‍රහණයට නතුව තිබෙන බවත්, ඔවුන් මෙම ක්ෂේත්‍රය භාවිත කරන්නේ හුදෙක් තමන්ගේ පෞද්ගලික ධනය වර්ධනය කර ගැනීමට පමණක් බවත් ඔහු චෝදනා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%ක දායකත්වයක් ලබා දෙන්නේ ලක්ෂ පහකට අධික කුඩා තේ ගොවීන් පිරිසක් බව සඳහන්.

හෙට සිට බස් ගාස්තුවලත් සංශෝධනයක්.. අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් කරන දේ ගැන බස් සංගම්වලින් රතු එළි

හෙට සිට බස් ගාස්තුවලත් සංශෝධනයක්.. අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් කරන දේ ගැන බස් සංගම්වලින් රතු එළි

එසේ වුවද පවතින අහිතකර තත්ත්වයන් හමුවේ ඉකුත් වසර පහ තුළ පමණක් කුඩා හා මධ්‍යම පරිමාණයේ තේ කර්මාන්තශාලා 250ක් පමණ වැසී ගොස් තිබෙන බව සභාපතිවරයා පෙන්වා දෙන්නේ දිනකට තේ දළු කිලෝ 30,000ක් පමණ සැකසූ ප්‍රබල කර්මාන්තශාලා පවා මේ අතර වන බව පවසමින්.

මේ අතර සමස්තයක් වශයෙන් ලක්ෂ 10කට අධික පිරිසකගේ ජීවිකාව රැඳී පවතින, මසකට ඩොලර් මිලියන 110-120ත් අතර ප්‍රමාණයක විදේශ විනිමයක් රටට ගෙන එන මෙම කර්මාන්තය අද වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බව සඳහන්.

සමන් ගීගනගේ මහතා වැඩිදුරටත් චෝදනා කරන්නේ කුඩා තේ ගොවියා සිය වගාව නඩත්තු කරගත නොහැකිව අසරණ වී සිටියදී, වගකිවයුතු බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු නොකර "සීතල කාමරවලට වී නිහඬව සිටින" බවටයි. 

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි