''පාකිස්තානයේ අපරාජීත ජය රැල්ල නවත්වන්න ශ්‍රී ලංකාවට හැකි වෙයිද?'' - තුන්කොන් සටන ලාහෝර්හිදී ගඩාෆි ක්‍රීඩාංගණයේදී

Report

එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) පාකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය තරගාවලියේ පස්වැනි තරගය වන අතර, එය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් තරගයකි.

තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජයගත් පාකිස්තානය දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියි.

ලකුණු 430ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව

එංගලන්තයට එරෙහිව පැවැති පෙර තරගයේදී ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් සාර්ථකව හඹාගොස් එක්දින ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා පිළිබඳව යළිත් අවධානය යොමුව තිබේ.

අවිශ්ක ප්‍රනාන්දු, පවන් රත්නායක, දසුන් ශානක සහ ජනිත් ලියනගේ ඇතුළු පිතිකරුවන්ගේ දායකත්වය ශ්‍රී ලංකාවට අද තරගයේදී ද වැදගත් වනු ඇත.

එහෙත් පාකිස්තාන පන්දු යැවීමේ බලඇණිය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අභියෝගයකට මුහුණදීමට සිදුවනු ඇත.

ජයග්‍රාහී පාකිස්තානයේ අභියෝගය

දෙරට අතර මීට පෙර පැවැති තරගයේදී පාකිස්තානය ලකුණු 37ක ජයක් වාර්තා කළේ සල්මාන් අලි ආගාගේ ලකුණු 107ක ඉනිමත්, ෂහීන් ෂා අෆ්රිඩිගේ පන්දු යැවීමත් හේතුවෙනි.

එම තරගයේදී පාකිස්තානය පළමුව පන්දුවට පහරදී ලකුණු 305ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 268ක් පමණි.

එංගලන්තයට එරෙහිව අවසන් තරගයේදී එක් කඩුල්ලක තියුණු ජයක් ලබාගත් පාකිස්තානය ද මේ වන විට ඉහළ විශ්වාසයකින් පසුවෙයි.

එම තරගයේදී ශදාබ් ඛාන් නොදැවී ලකුණු 113ක් රැස් කළේය. අද තරගය ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තු ශක්තිමත් කරගැනීමට අවස්ථාවක් වන අතර, පාකිස්තානයට සිය ජයග්‍රාහී ගමන තවදුරටත් පවත්වාගෙන යාමට අවස්ථාවකි.  

පකිස්ථානය පැරදුණා කියා එංගලන්තයට අතට අත දුන්න ශඩාබ්ට DRS නිසා ලැබුණු අදහාගත නොහැකි ජයග්‍රහණය

පකිස්ථානය පැරදුණා කියා එංගලන්තයට අතට අත දුන්න ශඩාබ්ට DRS නිසා ලැබුණු අදහාගත නොහැකි ජයග්‍රහණය

බලාපොරොත්තු සුන් වූ මොහොතක ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කරමින් ලෝක වාර්තාවක් - ආශ්චර්යමත් ජයග්‍රහණයක් සමඟ ෂඩාබ්ගෙන් ශතකයක්

බලාපොරොත්තු සුන් වූ මොහොතක ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කරමින් ලෝක වාර්තාවක් - ආශ්චර්යමත් ජයග්‍රහණයක් සමඟ ෂඩාබ්ගෙන් ශතකයක්