හිටපු ක්‍රිකට් තරු ගැටෙන මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න...

Cricket Sri Lanka Cricket Sports
By Piyumika Feb 15, 2025 08:15 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව ඇත.

අහස උසට නගින එළවලු මිල...

අහස උසට නගින එළවලු මිල...

ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් මෙහිදී ක්‍රීඩාකරනු ලබයි.

මාර්තු 16වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම අතර පෙබරවාරි 22 වැනිදා පැවැත්වේ.

නවත්තල තියෙන්නේ විනාඩි දහයයි නම් කිසි ප්‍රශ්නයක් නෑ... Parking Tickets නීතිය හරියට දැනගන්න...

නවත්තල තියෙන්නේ විනාඩි දහයයි නම් කිසි ප්‍රශ්නයක් නෑ... Parking Tickets නීතිය හරියට දැනගන්න...

මේ අතර මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය ඊයේ (14) නිවේදනය කළේය.

ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය

කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, අෂාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ළහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා 


You may like this video

ReeCha