අහස උසට නගින එළවලු මිල...
By Piyumika
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු උඩරට එළවලුවල තොග මිල අද ඉහළ අගයක් ගෙන තිබුණා.
ඒ අනුව , කැරට් කිලෝවක තොග මිල සදහන්ව තිබුණේ රුපියල් 1,000ක් ලෙසයි.
කෙසේ වෙතත් පහතරට එළවලු මිල ගණන් යම් අඩුවීමක් දක්නට ලැබිණ.
තක්කාලි, දෙහි කිලෝවක තොග මිල රුපියල් 80 සීමාවේ පැවති බව සදහන්.
එමෙන්ම, කරවිල කිලෝවක තොග මිල රුපියල් 450 ත් 500 ත් අතරත්, වම්බටු කිලෝවක් රුපියල් 350 ත් 400 ත් අතරත්, වැටකොලු කිලෝවක් රුපියල් 250ත් 300 ත් අතරත් සටහන් වුණා.
You may like this video