ලංකාවේ ගණිකවෝ ගැන භයානක හෙළිදරව්වක්

Report

මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ඊයේ (24) මාධ්‍ය හමුවේ පැවසුවේ, ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති අතර, ඔවුන් සියලුදෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවයි.

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාසල් හරහා ලිංගික අධ්‍යාපනය වැඩිදියුණු කළ යුතු බවයි. ඒ අනුව, පෙර පාසල්, ප්‍රාථමික අංශ සහ ඉහළ පන්තිවල දරුවන් වෙන වෙනම අදාළ ලිංගික අධ්‍යාපනය ලබා ගත යුතු බවද ඔහු දක්වා ඇත.

ඇගම කිලිපොළා යන හෙළිදරව්වක් - සමලිංගිකයන් ගණිකාවන් හා ඒඩ්ස් රෝගීන් පිරිලා

ඇගම කිලිපොළා යන හෙළිදරව්වක් - සමලිංගිකයන් ගණිකාවන් හා ඒඩ්ස් රෝගීන් පිරිලා

ඔහු තව දුරටත් සඳහන් කලේ , ලිංගික ශ්‍රමිකයින්ට මූලික මිනිස් අයිතිවාසිකම් තිබිය යුතු අතර, කාන්තාවන් හා පුරුෂයින් යම් පිළිගැනීමකට ලක්විය යුතු බවයි.

මෙම මාධ්‍ය හමුවේ කතා කළ හරිස්චන්ද්‍ර පනන්දාවල මහතා සඳහන් කළේ, මේ වනවිට ලිංගික ශ්‍රමිකයින් සියයට 95ක්ම කොන්ඩම් භාවිතා කරන බවයි.

එමඟින් ආරක්ෂිත ක්‍රම භාවිතය වැඩිවී, සමාජ රෝග අඩුවී ඇති බවද ඔහු පවසයි. ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්. ඒ. ලක්ෂ්මන් මහතා පැවසුවේ, ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම හා නොසලකා හැරීම නොමැතිව සමාජගත කිරීම සඳහා සියලුදෙනා හැඩ ගැසිය යුතු බවයි.

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

දැනටමත් පදනම කොළඹ, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ලිංගික ශ්‍රමිකයින් දසදහසක පිරිසක් සමග වැඩකටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

පදනමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. එස්. නුරාධා ජයසේකර මහත්මියද මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. 

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට