රුපියල තව තවත් බාල්දු කරමින් ඩොලරය අහස උසට - අද විකුණුම් අනුපාතය ඉහළම අගයක් වාර්තා කරයි

Report

බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (15) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 332 දක්වා ඉහළ ගොස් ඇත.

එහිදී සෙලාන් බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 321.75 සිට රුපියල් 322.35 දක්වා සහ රුපියල් 330.50 සිට රුපියල් 331.10 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම NDB බැංකුවේ, අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රුපියල් 323.25 සිට රුපියල් 324.25 දක්වා සහ රුපියල් 329.75 සිට රුපියල් 330.75 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා රුපියල තවත් අවප්‍රමාණය වෙයි – ඩොලරය අලුත් ඉහළ සීමාවකට

ශ්‍රී ලංකා රුපියල තවත් අවප්‍රමාණය වෙයි – ඩොලරය අලුත් ඉහළ සීමාවකට

මහජන බැංකුව වාර්තා කරන ආකාරයට, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 323.73 සිට රුපියල් 325.21 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම එහි විකුණුම් අනුපාතය රුපියල් 330.87 සිට රුපියල් 332.39 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 321.24 සිට රුපියල් 323.23 දක්වා සහ රුපියල් 329.75 සිට රුපියල් 331.75 දක්වා ඉහළ ගොස් ඇති අතර සම්පත් බැංකුවේ, ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 324.25 සිට රු. 325.25 දක්වා සහ රු. 330.75 සිට රු. 331.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මහ වැස්සට පල්ලම් බහින රන් මිල - අද හොඳටම අඩු වෙයි - මිල ගණන් මෙන්න

මහ වැස්සට පල්ලම් බහින රන් මිල - අද හොඳටම අඩු වෙයි - මිල ගණන් මෙන්න

අද තෙල් මිලෙන් ජාත්‍යන්තරය කැළඹෙයි - ආයෙත් බොරතෙල් මිල අහස උසට

අද තෙල් මිලෙන් ජාත්‍යන්තරය කැළඹෙයි - ආයෙත් බොරතෙල් මිල අහස උසට

GalleryGalleryGalleryGalleryGallery