පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයෙන් භයානක දැනුම්දීමක් - මෙහෙම බර අඩුවෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි

Report

මෙරට මව්වරුන්ට අඩු බර දරු උපත් සිදුවීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් වසරේ එම කාර්යාංශය සිදුකළ සමීක්ෂණවලට අනුව අඩු බර දරු උපත් සිදුවීම සියයට පහළොවයි දශම එකක් (15.1 % ) වශයෙන් වැඩිවී තිබෙනවා.

එහෙත් 2024 වර්ෂයේ දෙසැම්බර් මාසය වනවිට අඩු බර දරු උපත් සිදුවීමේ සංඛ්‍යව ප්‍රතිශතයක් වශයෙන් සියයට දාහතරයි දශම හයක් ලෙස සටහන්ව තිබෙනවා.

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

අඳාළ සමීක්ෂණයට අනුව අඩු බර දරු උපත් සිදුවීම වැඩිම ප්‍රතිශතයක් සටහන් වී තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සියයට විසිතුනකි (23%)ක් වශයෙන් සඳහන්.

එමෙන්ම දරුවකුගේ උපත් බර කිලෝග්‍රෑම් තුනක් හෝ කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් පන්සියයක් වශයෙන් සටහන් වී තිබිය යුතු වේ.

එසේ වුවද ඉපදී පළමු සතිය තුළදී මව්කිරි බොන දරුවකුගේ බර සියයට දහයකින් අඩුවිය හැකි බවත් එම ප්‍රමාණයටත් වඩා ඉදිරි සතිවලදී බර අඩුවන්නේනම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් වෛද්‍යවරු දැනුම් දෙයි.

ඉගෙන ගන්න ආස ලංකාවේ අය ගැන සතුටු හිතෙන ආරංචියක් - සංඛ්‍යාලේඛන 7කින් ඔප්පු වෙයි

ඉගෙන ගන්න ආස ලංකාවේ අය ගැන සතුටු හිතෙන ආරංචියක් - සංඛ්‍යාලේඛන 7කින් ඔප්පු වෙයි

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්