වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්

Report

2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, 2026 වෙසක් පෝය දිනට පසු දින ප්‍රසිද්ධ නිවාඩු දිනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමිනි. මේ වසරේ වෙසක් පොහොය දින සැමරුම 2026.05.30 දිනට යොදාගෙන තිබේ.

බලශක්ති මිල ඉහළ යාම හමුවේ උද්ධමනය යළිත් වැඩිවීමේ අවදානමක්

බලශක්ති මිල ඉහළ යාම හමුවේ උද්ධමනය යළිත් වැඩිවීමේ අවදානමක්

ඒ හේතුවෙන් ඊට පසුදින නිවාඩු දිනයක් දැයි බොහෝ පර්ශ්ව තමන්ගෙන් විමසා සිටි බව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කළේය.

ඒ අනුව පැහැදිලි කිරීමක් සිදු කරමින් ඔහු කියා සිටියේ, 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනතේ 7 වන වගන්තිය යටතේ වන විධිවිධාන පරිදි 1996.10.14 දිනැති අංක 954/1 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති ව්‍යවස්ථාපිත නිවාඩු සංඛ්‍යාව අටක් වන බවය.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි