එංගලන්තය හමුවේ පරාජය වුණත් ශ්‍රී ලංකාව අවසන් සටනට පාකිස්තානය හමුවෙයි

Report

පාකිස්තානයේ පැවැත්වෙන එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (29) පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් ලකුණු 55ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 386ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට එංගලන්ත පිතිකරුවන් සමත් වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ඩකට් පන්දු 132කදී ලකුණු 167ක් රැස් කළ අතර, ටොම් බැන්ටන් ලකුණු 74ක් සහ එංගලන්ත නායක හැරී බෘක් ලකුණු 44ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙළුවා. ලකුණු 387ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 331ක් පමණයි.

ඩකට්ගේ සුපිරි ශතකයෙන් එංගලන්තය ලකුණු 386යි - ශ්‍රී ලංකාවට මෙවරත් දැවැන්ත ඉලක්කයක්

ඩකට්ගේ සුපිරි ශතකයෙන් එංගලන්තය ලකුණු 386යි - ශ්‍රී ලංකාවට මෙවරත් දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක පන්දු 97කදී ලකුණු 118ක් රැස් කළා.

එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ තෙවැනි ශතකයයි. කුසල් මෙන්ඩිස් ලකුණු 89ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 48ක් ලබාගත්තා.

එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලියම් ඩෝසන් ලකුණු 49කට කඩුලු 4ක් දවාගත්තා.

සොනී බේකර් කඩුලු 2ක් බිඳ හෙළුවා. ඒ අනුව එංගලන්තය මෙම තරගය ලකුණු 55කින් ජයගත් අතර තරගයේ වීරයා සම්මානය බෙන් ඩකට්ට හිමි වුණා.

අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව

කෙසේ වෙතත් ඊයේ තරගයේ පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් මහා තරග බලාපොරොත්තුවලට බලපෑමක් ඇති කළේ නැහැ.

මීට පෙර පැවති තරගයකදී පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව තුන්කොන් එක්දින තරගාවලියේඅවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඔක්තෝබර් 31 වැනි සෙනසුරාදා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය සමඟ පැවති තරගයෙන් පරාජයට පත්වුවද, අවසන් මහා තරගයේදී පාකිස්තානය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

“පවන්ගේ පිත්ත බාබර් අසාම් අතට ගෙන පරීක්ෂා කරයි” - එදා සනත්ගේ පිත්ත ගංගුලි අතට ගත් හැටිත් යළි මතක් වෙයි!

“පවන්ගේ පිත්ත බාබර් අසාම් අතට ගෙන පරීක්ෂා කරයි” - එදා සනත්ගේ පිත්ත ගංගුලි අතට ගත් හැටිත් යළි මතක් වෙයි!