ඇමතිවරයා යමුනා ගගට පැනලා වතුර බිලා - " කිඹුලන් සිටින්නේ පිරිසිදු ජලයේයි" ඇමති කියයි [VIDEO]

By Malith Madushan Oct 30, 2026 07:38 AM GMT
Report

ඉන්දියාවේ යමුනා ගඟේ ජලය පිරිසිදු වී ඇති බව ප්‍රකාශ කරමින් එම ගඟට බැස ජලය පානය කළ භාරතීය ජනතා පක්ෂයේ (BJP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පිළිබඳව මේ වනවිට එරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

දිල්ලි නුවර ඊසානදිග ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රී මනෝජ් තිවාරි පසුගිය බ්‍රහස්පතින්දා සෝනියා විහාර් ප්‍රදේශයේදී යමුනා ගඟට බැස මෙලෙස ජලය පානය කර තිබේ.

දිල්ලි ප්‍රධාන අමාත්‍ය රේඛා ගුප්තාගේ නායකත්වයෙන් යුත් රජය ගෙන ගිය පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව ගඟේ දූෂණ මට්ටම අඩකින් අඩු වී ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.

එමෙන්ම යමුනා ගඟේ ඇතැම් ප්‍රදේශවලට සංක්‍රමණික පක්ෂීන් පැමිණීම ද ජලයේ තත්ත්වය යහපත් වී ඇති බවට සාක්ෂියක් බව මන්ත්‍රීවරයා පවසා තිබේ. "මෙහි ජලයේ කිඹුලන් සිටිනවා විය හැකියි. නමුත් කිඹුලන් සිටින්නේ පිරිසිදු ජලයේයි" යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර ඇත.

එකම බයිසිකලයකින් රටවල් 191ක් පුරා අපූරු ගමනක් - වසර 19ක් තිස්සේ ලෝකය වටා සංචාරයක

එකම බයිසිකලයකින් රටවල් 191ක් පුරා අපූරු ගමනක් - වසර 19ක් තිස්සේ ලෝකය වටා සංචාරයක

යමුනා ගඟේ ජලයෙන් ආගමික චාරිත්‍රයක් වන ‘ආචමන්’ සිදුකළ බව ද සඳහන් කළ මනෝජ් තිවාරි, මීට පෙර බලයේ සිටි ආම් ආද්මි පක්ෂය (AAP) ගඟ පිරිසිදු කිරීමට අසමත් වූ බවට චෝදනා කර තිබේ.

භාරතීය ජනතා පක්ෂය ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම රජය වසර දෙකක් තුළ සිදුකළ වැඩපිළිවෙළින් කොංග්‍රස් සහ ආම් ආද්මි පක්ෂවලට වසර 27ක් තුළ ඉටුකර ගැනීමට නොහැකි වූ දේ සිදුකර ඇති බවයි.

එමෙන්ම යමුනා ගඟේ ජලයට බැස පෙන්වන ලෙස එම පක්ෂය හිටපු දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල්ට අභියෝගයක් ද එල්ල කර තිබේ.

AAP පක්ෂයෙන් ප්‍රතිචාරයක්

කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශවලට ආම් ආද්මි පක්ෂය ද ප්‍රතිචාර දක්වා ඇත. එම පක්ෂයේ දිල්ලි ප්‍රධානී සහ හිටපු අමාත්‍ය සෞරභ් භාරද්වාජ් පවසා ඇත්තේ යමුනා ගඟේ පල්ලේ සිට වසිරාබාද් දක්වා කිලෝමීටර් 26ක කොටස සෑම විටම සාපේක්ෂව පිරිසිදුව පැවති බවයි.

දිල්ලි දූෂණ පාලන කමිටුවේ (DPCC) වාර්තාවලට අනුව ආම් ආද්මි පක්ෂයේ පාලන සමයේදී එම ප්‍රදේශය මීටත් වඩා පිරිසිදුව පැවති බව ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම යමුනා ගඟේ වඩාත් දූෂිත ප්‍රදේශයක් ලෙස සැලකෙන කාලින්දි කුන්ජ් ප්‍රදේශයට පැමිණ එහි ජලය පානය කරන ලෙස මනෝජ් තිවාරිට සහ දිල්ලි ජල සම්පාදන අමාත්‍ය පර්වේෂ් වර්මාට ඔහු අභියෝග කර ඇත.

ඇමෙරිකාවෙන් ඉරානයට හදිසි ලිපියක් - මැදපෙරදිග සාම සාකච්ඡා අස්සේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහතට

ඇමෙරිකාවෙන් ඉරානයට හදිසි ලිපියක් - මැදපෙරදිග සාම සාකච්ඡා අස්සේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහතට

ගඟේ ජල තත්ත්වය ගැන දත්ත හෙළි කරන කරුණු

දේශපාලනඥයන්ගේ ප්‍රකාශ අතරතුර යමුනා ගඟේ සැබෑ ජල තත්ත්වය පිළිබඳව මාධ්‍ය දිල්ලි දූෂණ පාලන කමිටුවේ දත්ත විශ්ලේෂණය කර තිබේ.

එහිදී ජලයේ කාබනික දූෂණ මට්ටම මැනීමට භාවිත කරන ජෛව රසායනික ඔක්සිජන් අවශ්‍යතාව (BOD) සැලකිල්ලට ගෙන ඇත. ස්නානය කිරීමට සුදුසු ජලය සඳහා BOD අගය ලීටරයකට මිලිග්‍රෑම් 3ක් හෝ ඊට අඩු මට්ටමක පැවතිය යුතු බව සඳහන් වේ.

දිල්ලි නුවරට යමුනා ගඟ ඇතුළු වන පල්ලේ ප්‍රදේශයේ BOD අගය ලීටරයකට මිලිග්‍රෑම් 2ක් ලෙස වාර්තා වී ඇති අතර එය නියමිත සීමාව තුළ පවතී.

එහෙත් ගඟ පහළට ගලා යන විට තත්ත්වය වෙනස් වී තිබේ. ISBT පාලම ආසන්නයේ BOD අගය මිලිග්‍රෑම් 30ක් ලෙසත්, ITO ප්‍රදේශයේ මිලිග්‍රෑම් 18ක් ලෙසත් වාර්තා වී ඇත.

එම අගයන් නියමිත සීමාවට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී.

හිම කඳු අතරින් මතුවූ හදිසි විපතක් - භූතානයේ විලක් පුපුරා යෑමෙන් ඉන්දියාවට ගංවතුර අනතුරු ඇඟවීම්

හිම කඳු අතරින් මතුවූ හදිසි විපතක් - භූතානයේ විලක් පුපුරා යෑමෙන් ඉන්දියාවට ගංවතුර අනතුරු ඇඟවීම්

කෙසේ වෙතත්, ITO ප්‍රදේශයේ BOD අගය 2025 ජූලි මාසයේදී මිලිග්‍රෑම් 70ක් ලෙස පැවති අතර 2026 සැප්තැම්බර් වනවිට එය මිලිග්‍රෑම් 18 දක්වා අඩු වී තිබේ.

එය යම් ප්‍රගතියක් වුවද, වත්මන් අගය තවමත් නියමිත සීමාව මෙන් හය ගුණයකි.

මිනිසුන්ගේ සහ සතුන්ගේ අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන දූෂණය පෙන්නුම් කරන මල කොලිෆෝම් බැක්ටීරියා ප්‍රමාණය ද සැලකිලිමත් විය යුතු මට්ටමක පවතින බව එම දත්ත පෙන්වා දෙයි.

ISBT පාලම ආසන්නයේ එම බැක්ටීරියා ප්‍රමාණය ජලය මිලිලීටර් 100කට MPN 35,000ක් ලෙස වාර්තා වී තිබේ.

ස්නානය සඳහා සුදුසු ජලයේ එම අගය MPN 2,500 නොඉක්මවිය යුතුය. ඒ අනුව එම ප්‍රදේශයේ බැක්ටීරියා ප්‍රමාණය නියමිත සීමාව මෙන් 14 ගුණයකින් ඉහළ ගොස් ඇත.

නොවැම්බර් 3 තීරණාත්මකයි - ඉරානයට බරපතල ප්‍රහාර - ට්‍රම්ප්ගෙන් යුද්ධයට කොළ එළියක්

නොවැම්බර් 3 තීරණාත්මකයි - ඉරානයට බරපතල ප්‍රහාර - ට්‍රම්ප්ගෙන් යුද්ධයට කොළ එළියක්

යමුනා ගඟ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ

දිල්ලිය හරහා කිලෝමීටර් 52ක පමණ දුරක් ගලා යන යමුනා ගඟ පිරිසිදු කිරීම සඳහා මේ වනවිටත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

මීට දින කිහිපයකට පෙර ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා රුපියල් කෝටි 8,941ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 43ක් ආරම්භ කර තිබේ.

2029 මැයි මාසය වනවිට දිල්ලි ප්‍රදේශය හරහා ගලා යන යමුනා ගඟ පිරිසිදු කරන බවට ද ඔහු ප්‍රතිඥා දී ඇත. දිල්ලි ජල සම්පාදන අමාත්‍ය පර්වේෂ් වර්මා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ගඟ සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට තවත් වසර දෙකහමාරක සිට තුනක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

මේ අතර, පල්ලේ සිට වසිරාබාද් දක්වා වූ කොටස පිරිසිදු කර ඇති බවත්, වසිරාබාද් සිට කාලින්දි කුන්ජ් දක්වා වූ කොටසේ පිරිසිදු කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවත් ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලට වඩා යමුනා ගඟේ ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ දත්ත මගින් තවදුරටත් එහි දූෂණය පවතින බව පෙන්නුම් කරන බව මාධ්‍ය වාර්තාවේ දැක්වේ. 

නෙතන්යාහුගේ බලයට අභියෝගයක් - ඊශ්‍රායලයේ බලය තීරණය කිරීමේ යතුර අරාබි පක්ෂ අතට

නෙතන්යාහුගේ බලයට අභියෝගයක් - ඊශ්‍රායලයේ බලය තීරණය කිරීමේ යතුර අරාබි පක්ෂ අතට