හොංකොං ක්රිකට් වසන්තය ඇරඹෙයි - ශ්රී ලංකාවට ජයගෙනා විශේන් හැලඹගේගේ මතක හිටින ඉනිමෙන් බංග්ලාදේශය පරදියි [FULL HILIGHT VIDEO]
හොංකොංහිදී අද (30) ආරම්භ වූ 2026 හොංකොං සික්සස් ජාත්යන්තර ක්රිකට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ජයග්රාහී ආරම්භයක් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
කාණ්ඩ B යටතේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර හය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 127ක් රැස් කළා.
එහිදී හබිබර් රහ්මාන් සොහාන් පන්දු 15කින් නොදැවී ලකුණු 57ක් ලබාගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 7ක් සමඟින්. සබ්බීර් රහ්මාන් පන්දු 12කදී ලකුණු 39ක් රැස් කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී විශේන් හැලඹගේ සහ චමිඳු විජේසිංහ එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඒ අනුව ජයග්රහණය සඳහා ලකුණු 128ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 129ක් ලබාගනිමින් තරගයේ ජය තහවුරු කළා.
ශ්රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ විශේන් හැලඹගේ පන්දු 17කින් නොදැවී ලකුණු 80ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ දැවැන්ත හයේ පහර 11ක් සමඟින්. එමෙන්ම රවිඳු ප්රනාන්දු පන්දු 5කදී ලකුණු 18ක් සහ චමිඳු විජේසිංහ පන්දු 4කදී ලකුණු 16ක් ලබාගනිමින් ශ්රී ලංකා ජයග්රහණයට දායක වුණා.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී මෘතුන්ජෝයි චෞද්රි ලකුණු 44කට කඩුලු 4ක් දවාගත්තා.
2026 හොංකොං සික්සස් තරගාවලිය
2026 හොංකොං සික්සස් ජාත්යන්තර ක්රිකට් තරගාවලිය ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 1 වැනිදා දක්වා පැවැත්වෙනවා.
මෙවර තරගාවලියට රටවල් 12ක් සහභාගී වන අතර දින තුනක් පුරා තරග 25ක් පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකාව, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය B කාණ්ඩය යටතේ තරග වදිනවා. එක් කණ්ඩායමකට ක්රීඩකයන් හයදෙනෙකු බැගින් සහභාගී වන මෙම තරග රටාවේදී එක් ඉනිමක් පන්දුවාර හයකට සීමා වනවා.
මෙවර තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය සංගීත් කුරේ විසින් දරනු ලබන අතර සචිත ජයතිලක, මොවින් සුබසිංහ, රවිඳු ප්රනාන්දු, විශේන් හැලඹගේ, මුදිත ලක්ෂාන් සහ චමිඳු විජේසිංහ කණ්ඩායමට ඇතුළත් වනවා.
ශ්රී ලංකා කණ්ඩායම මීළඟට ඔක්තෝබර් 31 වැනිදා ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.
මෙම තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.