ලෝකෙන්ම එක කියලා ආඩම්බර වුණ ලාංකිකයන්ට නරක කලදසාවක් - ස්ථාන 3න් පහළට වැටෙයි
ඩිජිටල් මූල්‍ය සේවා සපයන Remitly ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ගෝලීය සංක්‍රමණ දර්ශකයට (Immigration Index) අනුව, පවුල් වශයෙන් පදිංචිය සඳහා ලොව වඩාත්ම සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාව 4 වන ස්ථානයට පත්ව ඇති බව සඳහන් කරයි.
එම පර්යේෂණය රටවල් 82ක් ආවරණය වන ආකාරයට සිදුකර ඇති අතර පර්යේෂණය, අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය, දරුවන් රැකබලා ගැනීමේ පිරිවැය (childcare costs), රාජ්‍ය ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව සහ දෙමාපියන් සඳහා ලබාදෙන නිවාඩු ප්‍රතිපත්ති ඇතුළු සාධක 34ක් පදනම් කරගෙන සකස් කර ගෙන ඇත.
ඉකුත් 2025 වසරේදී, Conde' Nast Traveler සඟරාව මඟින් ශ්‍රී ලංකාව ලොව පවුල් සඳහා වඩාත්ම හිතකාමී රට වශයෙන් නම් කර තිබුණේ Remitly ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ගෝලීය සංක්‍රමණ දර්ශකයට (Immigration Index) අනුව වේ.
කෙසේ වෙතත් 2025 වර්ෂයේ එම දර්ශකයේ අංක එකේ රට වශයෙන් ශ්‍රී ලංකාව නම් කර තිබුණද 2026 වසරේදී ශ්‍රී ලංකාව 4 වන ස්ථානයට පත්ව ඇත.
එමෙන්ම මෙම වසරේ සමස්ත දර්ශකයේ පළමු ස්ථාන තුන පිළිවෙළින් ස්පාඤ්ඤය, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දිනාගෙන තිබෙනවා.
එමෙන්ම අඳාළ වාර්තාවේ දැක්වෙන්නේ ස්පාඤ්ඤය ඉහළම ස්ථානයට පත්ව ඇත්තේ දරුවන් රැකබලා ගැනීමේ දැරිය හැකි පිරිවැය සහ දෙමාපියන් සඳහා ලබාදෙන පුළුල් නිවාඩු වරප්‍රසාද නිසා බවයි.
එසේම චීනය අධ්‍යාපන යටිතල පහසුකම් සහ ජාත්‍යන්තර පාසල් ජාලය පුළුල් කිරීම නිසා දෙවන ස්ථානයටත්, ඇමරිකාව ජාත්‍යන්තර පාසල් තෝරා ගැනීමේ ඇති විවිධත්වය හේතුවෙන් තෙවන ස්ථානයත් දිනාගෙන ඇත.
මේ අතර ශ්‍රී ලංකාව තවමත් පවුල් හිතකාමී රටක් වශයෙන් ඉහළින්ම රැඳී සිටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දරුවන් රැකබලා ගැනීමේ අඩු පිරිවැය බව සඳහන්.