අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක් - මේ රාජ්‍ය අංශයෙන් දැඬි තීරණයක්
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පෙර සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය රියදුරු, පාලක, ස්ථානාධිපති ඇතුළු වෘත්තිය සමිති 26ක් එක්වීමට නියමිතයි.
ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකරට එරෙහිව විනය කඩ කළ බවට දුම්රිය පරිපාලනය නිකුත් කර තිබූ ලිපිය අත්හිටුවීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආසිරි කරුණාවර්ධන ලිපියක් යොමු කර තිබූ පසුබිමකයි.