විරෝධතාවයක් විසුරුවා හරින්න පොලිසියෙන් ජල ප්‍රහාර - උණුසුම් තත්ත්වයක්. (VIDEO)

Colombo Sri Lanka SL Protest
By krishani Jul 23, 2023 11:44 AM GMT
krishani

krishani

Report

අද (23) සවස සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඒ ටවුන් හෝල් ආසන්නයේ දී ය.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ කළු ජූලිය මුල් කරගෙන වේ.

මේ අතර, පොලීසිය සඳහන් කළේ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරට සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකට පෙළපාලි සඳහා සහභාගී වීමට අවසර ලබාදිය නොහැකි බවයි.

විරෝධතාකරුවන් පා ගමනින් ලිප්ටන් වටරවුමට පැමිණ විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් ලිප්ටන් වටරවුමේ සිට විහාරමහාදේවී උද්‍යානය දෙසට ගමන් කිරීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව විරෝධතාකරුවන්ට පොලිසියෙන් සහ කැරලි මර්දන ඒකකය විසින් ජල ප්‍රහාර එල්ල කළේ ය.

විඩියෝ දර්ශන - අද දෙරණ


ReeCha