දිවයින පුරා කළුවර කළ හදිසි විදුලි බිඳවැටීමට හේතුව හෙළිවෙයි - රටම හොයපු වාර්තාව එළියට

Report

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම මඟින් රට පුරා ඉකුත් 17 වැනි දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර ඇත.

ඒ අනුව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වූ බවයි.

ඒත් සමඟ විදුලි පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 48.75 දක්වා වේගයෙන් පහත වැටී තිබෙන අතර අදාළ සිදුවීම ආරම්භ වී තත්ත්පර 4.1ක් ඇතුළත සමස්ත විදුලි පද්ධතිය බිඳවැටී ඇති බවද අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇති බව සඳහන්.

ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ටත් විශේෂ නිවේදනයක් - ළඟම ඇති ශාඛාවට යන්න - හෙට සිට ක්‍රියාත්මකයි

ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ටත් විශේෂ නිවේදනයක් - ළඟම ඇති ශාඛාවට යන්න - හෙට සිට ක්‍රියාත්මකයි

එමෙන්ම ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම එම වාර්තාවෙන් දක්වා ඇත්තේ විදුලි පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටෙන අවස්ථාවලදී එහි ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්‍රමවේදයේ ((Under Frequency Load Shedding – UFLS) අදියර 05ම එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇති බවයි.

ඒ අනුව මෙගාවොට් 449.2කට සමාන විදුලියක් විසන්ධි වී තිබෙන අතර එය බිඳ වැටීමට පෙර පැවැති මෙගාවොට් 1,135ක සමස්ත විදුලි ජනනයෙන් 39.6%කට සමාන බවද එම වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් විදුලි පද්ධතියේ සම්පූර්ණ බිඳ වැටීම වැළැක්වීමට නොහැකි වී ඇති බවත් අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇති බව සඳහන්.

එසේම නොරොච්චෝලේ බලාගාරයේ ජනන ඒකකවලට අමතරව වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, සමනලවැව, ලක්ෂපාන සහ තවත් ජල විදුලි බලාගාර කිහිපයක ජනන ඒකකද ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වීම නිසා අක්‍රීය වී ඇති බවද අඳාළ වාර්තාවේ දැක්වෙන බව වාර්තා වේ.\

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

විදුලි පද්ධතියේ බිඳ වැටුණු පසු එය යළි තත්ත්වයට පත් කිරීමේ කටයුතු වහා ආරම්භ කිරීමට ජාතික පද්ධති ක්‍රියාකාරු සමාගම කටයුතු කර තිබෙන අතර ඒ අනුව සමස්ත සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 05යි මිනිත්තු 15ක කාලයක් ගතවූ බවද එහි සඳහන්.

එබැවින් ප්‍රධාන පද්ධති 04ක් භාවිත කරමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු සමගාම කටයුතු කර තිබෙන අතර ඒ අනුව මහවැලි පද්ධතිය යටතේ කොත්මලේ සහ වික්ටෝරියා, ලක්ෂපාන පද්ධතිය යටතේ නව ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරය, සමනලවැව/ දකුණු පද්ධතිය යටතේ සමනලවැව සහ කුකුලේගඟ, මෙන්ම කොළඹ පද්ධතිය යටතේ කැලණිතිස්ස පද්ධති 04 භාවිත කරමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

එසේම වාර්තාවට අනුව සියලුම ප්‍රධාන උපපොළවල් පස්වරු 4:58 වන විට යථා තත්ත්වයට පත් කිරීමට සමත්වී තිබෙනවා.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඒ අනුව සමස්ත ජාතික සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 05 මිනිත්තු 15ක් ගතවී ඇති බවත් වාර්තාවෙන් හෙළි කර ඇති බව සඳහන්.

තවද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මෙම විදුලි පද්ධතිය ‍යළි ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් ජනන බලාගාරවල තාක්ෂණික ගැටලු සහ මෙහෙයුම් ප්‍රමාදයන්ද වාර්තා වී ඇති බවයි.

විශේෂයෙන් යුගදනවි විදුලි බලාගාරයේ ජනන ඒකකයක් යළි ක්‍රියාත්මක කිරීමේදී එහි උපකාරක පද්ධතියක ඇතිවූ තාක්ෂණික ගැටලුවක් නිසා ප්‍රමාදයක් සිදුව ඇති බව සඳහන්.

කෙසේ වුවද නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් විදුලි බලය හදිසියේ අහිමිවීමට බලපෑ නිශ්චිත මූලික හේතුව අදාළ වාර්තාවෙන් මෙතෙක් තහවුරු කර නොමැති අතර ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරනුයේ මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව‍යි.

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල