වාහන ගෙන්වීමට ගිය වියදම 34.4%කින් එකපාරටම පහළට -ශ්‍රී ලංකාවේ ආනයන-අපනයන අලුත්ම තත්ත්වය මෙන්න

Report

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ ආනයනය සඳහා වැය කළ මුදල සියයට 34.4කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අනාවරණය කරයි.

මහ බැංකුව නිකුත් කළ නවතම 'බාහිර අංශයේ කාර්ය සාධනය' පිළිබඳ වාර්තාවට අනුව, පෞද්ගලික හා වාණිජ වාහන ඇතුළුව මෝටර් රථ ආනයනය සඳහා 2026 සැප්තැම්බර් මාසයේදී වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 188කි.

ඒ අනුව, පසුගිය වසරේ අදාළ මාසයට සාපේක්ෂව මෙරට මාසික වාහන ආනයන වියදමෙහි කැපී පෙනෙන අඩුවීමක් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසයේදී වාහන ආනයන වියදම පහළ ගිය ද, 2026 වසරේ පළමු මාස නවය තුළ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැය කර ඇති සමස්ත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.87ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, මෙරට සමස්ත භාණ්ඩ ආනයන වියදම ද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 2.9කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, 2025 සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 2.05ක් වූ සමස්ත ආනයන වියදම, 2026 සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 2.11ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ මෙරට සමස්ත ආනයන වියදම ඩොලර් බිලියන 18.67ක් ලෙස වාර්තා වී තිබේ.

එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 21.3ක වර්ධනයකි. මේ අතර, ශ්‍රී ලංකාවේ භාණ්ඩ වෙළෙඳ හිඟය ද සැප්තැම්බර් මාසයේදී පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව, 2025 සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 910ක් ලෙස පැවති වෙළෙඳ හිඟය, 2026 සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 731ක් දක්වා අඩු වී තිබේ. කෙසේ වෙතත්, වසරේ පළමු මාස නවය තුළ සමුච්චිත භාණ්ඩ වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

හෝර්මූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැවකට බෝම්බ ප්‍රහාරයක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මාරාන්තික ලෙස ඉහළට

හෝර්මූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැවකට බෝම්බ ප්‍රහාරයක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මාරාන්තික ලෙස ඉහළට

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්