සුළි කුණාටුවයි මහ වැස්සයි නිසා ලංකාවම සුන්නද්ධූලි වෙයි - 23 වෙනිදා සිට අද උදේ 6 වෙනකල් වෙච්ච විනාසේ මෙන්න

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සඳහන් කරන්නේ අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බවයි.

එසේම එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ ඉකුත් 23 වැනිදා සිට අද (31) උදෑසන 06.00 දක්වා කාලය තුළ මෙය වාර්තා වී තිබෙන බවයි.

ඒ අනුව පැවති අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 136කට අයත් පවුල් 5,768ක පුද්ගලයින් 21,240 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

එසේම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද පස්වරු 1.00 න් පසු ගිගුරුම් සහිත වැසි

උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද පස්වරු 1.00 න් පසු ගිගුරුම් සහිත වැසි

එමෙන්ම එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ අයහපත් කාලගුණයෙන් පූර්ණ නිවාස හානි 08සහ අර්ධ නිවාස හානි 737 වාර්තා වී ඇති බවයි.

එසේම ආපදාවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර, එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අයත් පවුල් 2,666ක පුද්ගලයින් 10,051 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් සහ තුවාල ලැබීම් දෙකක් වාර්තා වී ඇති අතර නිවාස හානි 101ක් ද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම දෙවැනියට වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් පවුල් 1,850ක පුද්ගලයින් 6,900 දෙනෙකු අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් සහ තුවාල ලැබීම් දෙකක් වාර්තා වී තිබෙන අතර පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව ද පවසයි.

එසේම වැඩිම නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහි නිවාස හානි 113ක් වාර්තා වී ඇති බවත් ඊට එක් පූර්ණ නිවාස හානියක් ද ඇතුළත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර‍යි.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්