ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ටත් විශේෂ නිවේදනයක් - ළඟම ඇති ශාඛාවට යන්න - හෙට සිට ක්රියාත්මකයි
ලංකා බැංකුව සිය ගනුදෙනුකරුවන්ට මින් පෙර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති SEC/2026/E/07 අංක දරන චක්රලේඛයට අනුව, ඕනෑම ආකාරයක බැංකු ගිණුමක් විවෘත කිරීමේදී සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය සඳහන් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවටයි.
ඒ අනුව මෙම නව රෙගුලාසිය 2026 නොවැම්බර් 01 වනදා සිට එනම් හෙට සිට ක්රියාත්මක වන බව දන්වයි.
ඒ වෙනුවෙන් TIN සහතිකයේ පිටපතක් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ TIN සත්යාපන විද්යුත් සේවා ද්වාරයෙන් ලබාගත් මුද්රිත පිටපතක් ඉදිරිපත් කළ හැක.
එසේම දැනටමත් ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ට ද තම ළඟම ඇති ලංකා බැංකු ශාඛාව වෙත පැමිණ සිය බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) යාවත්කාලීන කරගන්නා ලෙස ද ලංකා බැංකුව වැඩිදුරටත් සඳහන් කරමින් ඉල්ලා සිටියි.