පොලිසියේ වාහන සහ යතුරුපැදි 271ක් අඩුවට ගන්න අරගන්න නියම අවස්ථාවක්- දින 7ක දැවැන්ත වෙන්දේසිය මෙන්න
දින 07ක් පුරා දැවැන්ත පොලිස් වාහන වෙන්දේසියක් ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි සඳහා භාවිත කළ නමුත් නැවත භාවිතයට ගැනීම අත්හිටුවා ධාවනයෙන් ඉවත් කරන ලද වාහන සහ යතුරුපැදි 271ක් ප්‍රසිද්ධ වෙන්දේසියේදී අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව, භාවිතයෙන් ඉවත් කරන ලද අබලි වාහන අමතර කොටස්, ටයර් සහ බැටරි තොග ද මෙම වෙන්දේසිය යටතේ අලෙවි කිරීමට නියමිතය. පොලිස් ප්‍රවාහන කොට්ඨාස ප්‍රධාන ඒකකය සහ ප්‍රාදේශීය පොලිස් ප්‍රවාහන උප ඒකකවලදී මෙම වාහන වෙන්දේසි පැවැත්වීමට නියමිත අතර, වෙන්දේසියට පෙර අදාළ වාහන පරීක්ෂා කිරීම සඳහා නැරඹුම් දිනයක් ද වෙන් කර ඇත.
වෙන්දේසි පැවැත්වෙන ස්ථාන සහ දිනයන්:
01. මාතර පොලිස් ප්‍රවාහන උප ඒකකය වෙන්දේසි දිනය: 2026.07.23 වාහන
නැරඹුම් දිනය: 2026.07.22 02.
අත්තිඩිය ජාතික පොලිස් අභ්‍යාස ආයතන වාහන අංගනය වෙන්දේසි දිනය: 2026.08.04
වාහන නැරඹුම් දිනය: 2026.08.03 03.
කුණ්ඩසාලේ පොලිස් ප්‍රවාහන උප ඒකකය වෙන්දේසි දිනය: 2026.08.21
වාහන නැරඹුම් දිනය: 2026.08.20 04.
අම්පාර පොලිස් ප්‍රවාහන උප ඒකකය වෙන්දේසි දිනය: 2026.09.04
වාහන නැරඹුම් දිනය: 2026.09.03 05.
අනුරාධපුර පොලිස් ප්‍රවාහන උප ඒකකය වෙන්දේසි දිනය: 2026.09.15
වාහන නැරඹුම් දිනය: 2026.09.14 06.
වවුනියාව පොලිස් ප්‍රවාහන උප ඒකකය වෙන්දේසි දිනය: 2026.09.17
වාහන නැරඹුම් දිනය: 2026.09.16
පොලිසිය සඳහන් කළේ මෙම වෙන්දේසිය සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට නියමිත දිනවලදී වාහන පරීක්ෂා කර අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බවයි.