හිසට සුව සදන පුළුන් කොට්ටය, දොට්ට වැටුණු හැටි ! (VIDEO)

Sri lanka gagana news sri lanka sinhala news today trending news srilankan economy
By krishani Feb 28, 2022 08:59 AM GMT
krishani

krishani

Report

කාර්ය බහුල ජීවන රටාවක් ගතකරන ඕනෑම කෙනෙකු තම විඩාව සංසිඳුවා ගැනීම සඳහා සුවදායී නින්දක් ලබා ගැනීම සඳහා බොහෝවිට උත්සාහ දරනවා.

එලෙස සුවදායී නින්දක් සඳහා සුවදායී කොට්ටයක් කෙතරම් ප්‍රයෝජනවත් වෙනවද? ඒ සුවදායී බව ඔබට ලබා දෙන කොට්ටය පසුපස ඇති කතාවයි මේ.

කොළඹ - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ උඩවලව සංකපාල දෙමටගල ප්‍රදේශය පසුකරමින් ගමන්ගන්නා ඕනෑම කෙනෙකුට මාර්ගය දෙපස දක්නට ලැබෙන සුලබ දසුනක් අපට ද දක්නට ලැබුණා.

මේ කොට්ට පුළුන් කඩයක් ළඟ නවත්වලා ස්වාභාවික පුළුන් යොදාගනිමින් සකස් කර ඇති පුළුන් කොට්ටයක් ගෙදර අරං යන්න මේ ස්ථානය පසු කර යන බොහෝ දෙනෙක් අමතක කරන්නේ නැහැ. ඒ කෘතිම අමුද්‍රව්‍ය යොදාගෙන සාදන ලද කොට්ටයකට වඩා මේ ස්වාභාවික කොට්ටයක් මගින් ගතට මෙන්ම මනසටත් ලබා දෙන සුවය ගැන ඉතිහාසයේ පටන් අපි කවුරුත් දන්න නිසා.

නමුත් ඒ සුවය ලබා දෙන පුළුන් කොට්ටය නිෂ්පාදනය කිරීම නම් එතරම්ම සුවදායී නැහැ. එය ඉතා සංකීර්ණ වන තරමටම පුළුන් කොට්ටයේ පවතින ප්‍රමිතිය ද ඉහළ නැංවෙනවා.

ස්වයං රැකියාවක් ලෙස සංකපාල දෙමටගල ප්‍රදේශයේ කාන්තාවන් ස්වාභාවික පුළුන් කොට්ට ඇතුළු විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කළත් ඒවා අලෙවි කර ගැනීම මේ වනවිට ගැටලුවක් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

වසර දෙකකට අධික කාලයක් පැවති කොවිඩ් තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශය පසුකරන වන්දනාකරුවන්ගේ සහ දේශීය සංචාරකයන්ගේ පැමිණීම පහත බැසීම ඊට එක් සාධකයක්.

බොහෝ විට ජනතාව දේශීය නිෂ්පාදන පසෙකට දමමින් විකල්ප නිෂ්පාදන වැළඳ ගැනීමත් තම ව්‍යාපාර කටයුතු අඩාල වීමට තවත් ප්‍රධානතම හේතුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දේශීයත්වය පිළිබඳව නිරන්තරයෙන් කතාබහ කරන වකවානුවක මෙවැනි දේශීය නිෂ්පාදකයින්ගේ ගැටලු විසඳා ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කිරීම බලධාරීන්ගේ වගකීමක් නොවේද?

විඩියෝ දර්ශන - Hiru News


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now