ඉන්දියාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රවාහනය කළ බස් රථයෙන් හිස් උණ්ඩ හමුවෙලා ! සැලසුම් සහගත වැඩක් ද..?
world news
Sri lanka cricket team
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
පළමු ටෙස්ට් තරඟයේ පුහුණු සැසිය සඳහා පන්ජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය වෙත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැගෙන යමින් තිබූ බස් රථයේ තිබී හිස් උණ්ඩ දෙකක් සොයා ගැනුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පෞද්ගලික ප්‍රවාහන ආයතනයකින් කුලී පදනම මත ලබාගෙන තිබූ අදාළ බස් රථයේ තිබී එම හිස් උණ්ඩ සොයාගෙන ඇත්තේ ක්‍රීඩකයන් නැවතී සිටි හෝටලයේ සිට ක්‍රීඩාංගණය වෙත රැගෙන යන අතරතුර සිදුකළ පරීක්ෂාවකදියි.
බස් රථය මීට දින කිහිපයකට පෙර විවාහ උත්සවයක් සඳහා ද යොදාගෙන ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් බස් රථ රියදුරුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |