කුරිරු ආනන්තරීය පාපකර්මයක් කළ ඝාතක පුතෙක් !

sri lanka crime gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 28, 2022 02:32 AM GMT
krishani

krishani

Report

පුතෙකු විසින් මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කර ඇති පුවතක් කුරුවිට, බටතොට ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 26 වනදා බටතොට ප්‍රදේශයේ කුණු වළක වැටී පුද්ගලයෙකු මියගොස් අති බවට කුරුවිට පොලීසියට මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පැමිණිල්ලක් කර තිබුණි. එම මරණය සැක සහිත බව ට අදාළ කාන්තාව විසින් කුරුවිට පොලීසියට පවසා තිබුණි. කුරුවිට පොලීසිය ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම මරණය ඝාතනයක් බව ට හෙළිදරව් වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 57 හැවිරිදි බටතොට, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ ඝාතනය සිදුකළ සැකකාර 22 හැවිරිදි පුත්‍රයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now