බාබකියු උඳුනෙන් රස්නේ තැප්ප යුවළට හිටිහැටියේ වුන අකරතැබ්බ !
කුරුණෑගල ගොකරැල්ලේ සිට නුවරඑලියයේ සංචාරකයක් සදහා පැමිණි නඩයක අඹුසැමි යුවළක් ඔවුන් නවාතැන් ගත් හෝටලයේ කාමරය තුළ මියගොස් සිටියදි සොයාගත් බව නුවරඑලිය පොලිසිය පවසයි.
පවුලේ සමාජිකයන් සමග පැමිණි අඹුසැමි යුවළ ඇතුළු පිරිස මධ්‍යම රාත්‍රිය තෙක් බාබකියු උදුනෙන් මස් පුළුස්සා අනුභව කිරිමෙන් අනතුරුව පවතින අධික සිතල සමනය කර ගැනීම සඳහා බාබකියු උදුන සිය කාමරය රැගෙන ගොස් නින්දට ගොස් ඇත.
අවු 58 සහ 59 වයස් කාණ්ඩ වල පසුවන මිය ගිය අඹුසැමි යුවල පසු දින අවදි නොවිම නිසා පවුලේ සාමජිකයන් විසින් ඔහුන් දෙදෙනා රැදි සිටි කාමරය විවෘත කර බලන අවස්තාවේ දෙදෙනාම මියගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |