හදිසියේ කොවිඩ් පරීක්ෂණ නීතිය ලිහිල් කිරිමක් !

sri lanka Covid tests covid 19 gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 27, 2022 05:57 AM GMT
krishani

krishani

Report

පූර්ණ එන්නත්කරණය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මාර්තු 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ව කොරෝනා පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

දිවයිනට පැමිණීමට සති දෙකකට පෙර පූර්ණ එන්නත්කරණය ලැබූවන්ට මෙලෙස පූර්ව කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නොවන බවයි එහි සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ.

එහිදී එන්නත් මාත්‍රා දෙකක් ලබාගැනීම පූර්ණ එන්නත්කරණය ලෙස සළකන අතර, වයස අවුරුදු 18ට අඩු ළමයින් සඳහා එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටීම පූර්ණ එන්නත්කරණය ලෙස සැළකෙනු ඇති.

එමෙන්ම අවසන් මාස හය තුළ කොරෝනා ආසාදිතව සිටි බවට ලිඛිත සාක්ෂි සහිත පුද්ගලයන් එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටීම ප්‍රමාණවත් වන අතර, මාස හයකට පෙර ආසාදිතව එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටින්නේ නම් කොරෝනා පරීක්ෂාවට ලක්විය යුතුයි.

පූර්ණ එන්නත්කරණය නොලැබූ අනෙකුත් සියලුම සංචාරකයන්ද ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර එලෙස කොරෝනා පරීක්ෂාවට ලක්විය යුතු වනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now