වාහනවල අංක තහඩු මුද්‍රණය ගැන සුබ ආරංචියක් - තව මාස දෙකකින් ඇරඹෙන නව වැඩපිළිවෙළ මෙන්න

Report

මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම නව සමාගමකට පැවරීම හා ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (10) දින සිදු කර ඇත. ඒ වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, මාර්ග ප්‍රවාහන නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ අදාළ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා කියා සිටියේ අදාළ ගිවිසුමට අනුව මාස තුනක් ඇතුළත එම සමාගම අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කළ යුතු බවයි.

එසේම මෙම ගිවිසුම ප්‍රසම්පාදනය කිරීමට දීර්ඝ කාලයක් ගත වූ බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම ඔස්සේ එහි අනුමැතියෙන් අනතුරුව නීතිපතිගේ උපදෙස් මත මෙම ගිවිසුම අත්සන් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අද ඉඳන් ගෙවල්වලටයි පාසල්වලටයි මේ කණ්ඩායම් එනවා - උපරිම සහයෝගය දෙන්නැයි රජයෙන් ඉල්ලයි

අද ඉඳන් ගෙවල්වලටයි පාසල්වලටයි මේ කණ්ඩායම් එනවා - උපරිම සහයෝගය දෙන්නැයි රජයෙන් ඉල්ලයි

කෙසේ වුවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ අදාළ සමාගම සමඟ මූලික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර මාස දෙකක් වැනි කාලයක් අතරතුර මෙම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

ඊට අමතරව ඔහු සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය බිලියන තුනක පමණ වටිනාකමින් යුතු ව්‍යාපෘතියක් වන අතර එය අද දින සිට අවුරුදු පහක කාලයක් සඳහා අදාළ සමාගමට ලබා දී ඇති බවයි.

එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ,

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

'' වේරහැර අපේ තියෙන කාර්යාල පරිශ්‍රයේ තමයි වඩාත් ඉඩ පහසුකම් සහිතව මේ කටයුතු ආරම්භ කරන්නේ. මාස දහයකට ආසන්න කාලයක් අපි දැන් නම්බර් ප්ලේට් ප්‍රින්ට් කරන්නේ නැතුව නවත්තලා දාලා තියෙනවා. ඒ නිසා මේ සියලු කටයුතු නිම කරන්න අපිට කාලයක් යනවා. ඒ කෙසේ වෙතත් අපි කටයුතු ආරම්භ කිරීම හැකි ඉක්මනින් අපි අප්‍රේල් අග මැයි මුල සතියේ වගේ වෙද්දී පටන් ගන්න. මාස තුනක් ගත කරන්නේ නැහැ. අපේ සහයෝගයත් අපි ලබා දීලා තියෙනවා. දැනටමත් ඒ සමාගම, වේරහැර අපේ පරීශ්‍රයේ මූලික ඉදිකිරීම් කටයුතු පටන් අරන් තියෙනවා. ඒ වගේම අද සාකච්ඡාවේදී ඒ සමාගම දැනුම් දුන්නා අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර ආනයනය කරන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා ඒ වගේම සති තුනක් ඇතුළත ඒ කටයුතු නිම කරන බවත් ප්‍රකාශ කර සිටියා.''

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න