අද ඉඳන් ගෙවල්වලටයි පාසල්වලටයි මේ කණ්ඩායම් එනවා - උපරිම සහයෝගය දෙන්නැයි රජයෙන් ඉල්ලයි
පස්වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය සඳහා නිවෙස් සහ පාසල් වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.
ඒ අනුව මෙරට පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
එසේම එම අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය නොවැම්බර් මස දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි පැවැත්වෙන බවයි.
ඒ යටතේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අහඹු ආකාරයට තෝරා ගත් පාසැල් සිසුන් හා වැඩිහිටියන් 10,000 ක නියැදියක දත්ත එකතු කෙරෙනු ඇති බව වාර්තා වේ.