රටට නරක ආරංචියක් පද්ධතියට සැපයිය යුතු විදුලි ධාරිතාව පහළට - ආයෙත් රට අඳුරෙද?

Report

බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා විසින් මෙම වසරේදී මෙරටට ගෙන්වා ඇති තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර බව ප්‍රකාශ කරයි.

එසේම ඔහු සඳහන් කර ඇත්තේ ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව සැලකිය යුතු ආකාරයට පහත වැටී ඇති බවයි.

එමෙන්ම දත්ත වාර්තා උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, ගල්අඟුරු බලාගාර තුනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවේදී මෙගාවොට් 810ක විදුලි ජනනයක් සිදුවිය යුතු වුවත් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා මේ වන විට උපරිම වශයෙන් ජනනය කළ හැක්කේ මෙගාවොට් 715ක් පමණක් බවයි.

එබැවින් දිනකට මෙගාවොට් 95ක විදුලි ධාරිතාවක් අහිමි වන අතර, එම හිඟය පිරවීමට අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදුවන බවද බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා අවධාරණය කර ඇත.

බස් රියදුරන්ට නරක ආරංචියක් - ආයේ මේ සෙල්ලම් බෑ - පූර්ව දැනුම්දීමකින් තොරව රට පුරා

බස් රියදුරන්ට නරක ආරංචියක් - ආයේ මේ සෙල්ලම් බෑ - පූර්ව දැනුම්දීමකින් තොරව රට පුරා

ඒ අනුව අඳාළ ගල්අඟුරු තොගය ඉකුත් ජනවාරි මස 20 සහ 22 යන දෙදින තුළ විදුලි ජනන කටයුතු සඳහා භාවිත කළ බව සඳහන්.

කෙසේ වෙතත් මේ වන විටත් එම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගය විදුලි ජනන කටයුතු සඳහා භාවිතා කිරීම තාවකාලිකව නවතා ඇති බව පවසයි.

ඒ වෙනුවට, ඉකුත් වසරේ මෙරටට ගෙන්වන ලද රුසියානු ගල්අඟුරු නැවත භාවිතයට ගෙන ඇති බවද වාර්තා වේ.

අඳාළ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගය ඉන්දීය ටෙන්ඩරයක් අනුව දකුණු අප්‍රිකාවෙන් මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.   

සෑම පාසලකටම රජයෙන් මේවා දෙනවා - මාර්තු මාසේ වෙන කොට

සෑම පාසලකටම රජයෙන් මේවා දෙනවා - මාර්තු මාසේ වෙන කොට

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි