සෑම පාසලකටම රජයෙන් මේවා දෙනවා - මාර්තු මාසේ වෙන කොට

Report

පාසල්වල පංති කාමරවලට ස්මාර්ට් බෝඩ් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් මව්පියන්ගෙන් මුදල් එකතු කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කර තිබේ නම් එම විදුහල්පතිවරුන්ට එරෙහිව නිසි පියවර ගතයුතු බවට තමා පාර්ලිමේන්තුවට යෝජනා කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක අද (22) දින පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ අනුව ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කල්තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින්.

එසේම එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පාසල්වලට ස්මාට් බෝඩ් ගැනීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතුකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපදෙසක් ලබාදී නොමැති බවයි.

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

එහෙත් එසේ තිබියදී යම් විදුහල්පතිවරයෙකු ස්මාට් බෝඩ් ගැනීම සඳහා මව්පියන්ගෙන් මුදල් ඉල්ලා ඇත්නම් එවැනි විදුහල්පතිවරුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගතයුතු බව ඔහු පවසයි.

එමෙන්ම පාසල්වලට ස්මාර්ට් බෝඩ් ලබාදීම සඳහා ආණ්ඩුවෙන් මේ වන විට මුදල් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව මාර්තු මාසය වනවිට පාසල් 1600කට ස්මාට් බෝඩ් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවත් සෑම පාසලකටම අවම වශයෙන් එක් ඩිජිටල් උපකරණයක් ලබාදීමට කටයුතු කරන බවද අරුණ කරුණාතිලක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

විශේෂ දැනුම් දීමක් - පෙබරවාරි 04 සිට 11 දක්වා

විශේෂ දැනුම් දීමක් - පෙබරවාරි 04 සිට 11 දක්වා

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දීපු හැටි ප්‍රැක්ටිකල් ද?

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දීපු හැටි ප්‍රැක්ටිකල් ද?