මෙරටින් ඇසෙන භයානක ආරංචිය මෙන්න..යළිත් ප්‍රදේශ රැසකින් රතු එළියක්..

Report

මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසකින් විෂ ආග්‍රාහාණයවීමෙන් මියගිය පුද්ගලයන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ උත්සහායක නිරත වූ බවට සැකය මත රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මීට මාසයකට පෙර යාපනය කෝපායි හි කර්මාන්තශාලාවකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට සැකපිට අත්අඩංගුවට ගෙන රජයේ රස පරීක්ෂකවරයාට යොමුකළ රසායනික ද්‍රව්‍යත් මාලඹේ කහන්තොට නිවසෙන් හමුවූ රසායනික ද්‍රව්‍යත් එක හා සමාන බවට දැනට තහවුරු වෙමින් පවතින බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.

මාලඹේ කහන්තොට නිවසේ තිබී සැකකටයුතු රසායනික ද්‍රව්‍ය අඩංගු ලීටර් 10 කෑන් 10ක් ද බහාලුමක අසුරන ලද තහඩු කෑන් 2 ක් ද සොයාගෙන තිබුණු අතර ඒවායේ සාම්පල් රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබේ.

අද ප්‍රබල ධන යෝගයකට හිමිකම් කියන ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයකට වාසනාව උරඟා බලන්න මෙන්න සුපිරි අවස්ථාවක්..

අද ප්‍රබල ධන යෝගයකට හිමිකම් කියන ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයකට වාසනාව උරඟා බලන්න මෙන්න සුපිරි අවස්ථාවක්..


රජයේ රස පරීක්ෂකවරයා, අන්තාරාදායක ඖෂධ නියාමන අධිකාරියේ, විශේෂ කාර්ය බළකාය හා ශ්‍රීලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ නිලධාරීන් පැමිණ ඊයේ(14) සිදුකළ පරීක්ෂණවලින් මෙම නිවසේදී හමුවූ රසායනික දියර වර්ගය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අඩංගු කරගන්නා ද්‍රව්‍යයක් බවට සැක පහළ කරයි.

යාපනය දිසාවේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ, යාපනයේ කර්මාන්තශාලාවේ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණවල අයිස් මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට නිල නොවන මට්ටමින් දැනුම් දී තිබෙන බවයි.

මාලඹේ කහන්තොට ග්‍රීන් ටෙරස් නිවාස සංකිර්ණයේ ජයන්ති මාවතේ පිහිටි නිවසක විෂ ආග්‍රහාණය වූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ඉකුත් 12වැනිදා මියගියා.

දෙහිවල කඩවත පාරේ පදිංචි ජෝසෆ් මරියෝ නැමති 63 හැවිරිදි අයකු සහ ඔහුගේ මිතුරකුගේ රියැදුරු ලෙස සේවය කළ මොණරාගල කිනිවල පදිංචි සමන්ත පුෂ්පකුමාර නැමැති 43 හැවිරිදි තිදරු පියෙක්, මෙලෙස මියගොස් ඇත.

ජෝසෆ් මරියෝ නැමැත්තා ඔස්ටේලියානු ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු වන අතර ඔහු කලකට පෙර ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ ඇතැයි වාර්තාවේ.

මරියෝ නැමැත්තාගේ මිතුරෙකු වන ඇමරිකානු පුරවැසිභාවය හිමි වියට්නාමයේ පදිංචිව සිටි මිලින්ද බර්නාඩ් අලහකොන් නැමති අයකු සමගින් මාලඹේ ටෙරස් නිවාස සංකීර්ණයේ නිවසට පැමිණ ඇත්තේ පසුගිය 12 වැනිදා ය.

පෙට්‍රල් ලීටරය 150ට දීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

පෙට්‍රල් ලීටරය 150ට දීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


ඒ රියදුරු වූ ප්‍රියන්තගේ සහෝදරයා වන පානදුර රෝහලේ වෛද්‍යවරයකුගේ නිවසකට වන අතර, මිලින්ද අලහකෝන් නැමැත්තා නිවසේ ආලින්දයේ අසුන්ගෙන සිට ඇති අතර මරියෝ හා ඔහුගේ රියදුරු මුළුතැන්ගෙයි සිට ඇති බවයි පැවසෙන්නේ.

වැසිකිළියට ගිය ප්‍රියන්ත බොහෝ වෙලාවක් නොපැමිණීම මත මරියෝ සහ මිලින්ද සොයාබැලීමක් කර ඇති බවත්, එහිදී ප්‍රියන්ත වැසිකිළියේ සිහිසුන්ව වැටී සිටිනු දැක දෙදෙනාම ඔහුව ඔසවාගෙන පැමිණ මෝටර් රථයකට දමා කොළඹ පුද්ගලික රෝහලක් කරා රැගෙන ගොස් තිබේ.

මරියෝ නැමැත්තා රථය පදවා ඇතිමුත් ක්ලාන්ත ගතියක් ඇතැයි කියමින් ඔහු රථය මිලින්ද නැමැත්තාට බාර දී ඇති බවත්, ඒ සමගම පිටුපස අසුනේදී මරියෝ නැමැත්තා ද සිහිසුන්වී ඇතැයි පවසයි.

මිලින්ද නැමැත්තා රථය පුද්ගලික රෝහල කරා පදවා ඇති අතර ඔවුන්ව පුද්ගලික රෝහලෙන් බාරගැනීමට නොහැකි බව පවසා ඇත්තේ දෙදෙනාම මියගොස් සිට ඇති නිසායි.

මේ අනුව මරණකරුවන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබුණු අතර එහිදී මොවුන් දෙදෙනාම මියගොස් ඇතැයි තහවුරු කර ගෙන තිබේ.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.


මේ සම්බන්ධයෙන් මිලින්ද නැමැත්තා සමන්ත පුෂ්පකුමාර නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන මාලඹේ ටෙරස් මාවතේ අනතුර සිදුවූ නිවසේ පදිංචිකරු වන වෛද්‍ය ප්‍රියන්ත බණ්ඩාරට දුරකතනය මගින් දැනුම් දී ඇත.

එහිදී නිවසේ පදිංචිකාර වෛද්‍යවරයා තලංගම පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ මියගොස් ඇත්තේ තම සහෝදරයා බවත් ඔහුගේ උදරයේ, බෙල්ලේ, පාදවල සහ දකුණතේ වැලමිට අසල අසාමාන්‍ය තුවාල තිබෙනු දක්නට ලැබූ බවත්යි.

වෛද්‍යවරයා පොලිසිය හමුවේ පවසා ඇත්තේ, තම වැඩිමහල් සහෝදරයා මිලින්ද නැමැත්තාගේ රියැදුරු ලෙස දීර්ඝ කාලයක් සේවය කර ඇති අයකු බවත් ඔහු තිදරු පියෙකු බවත් ඔහුගේ ශාරීරික තුවාල හා සිදුවීම් මත මරණය පිළිබඳ සැකයක් ඇති බවයි.

තම සහෝදරයාට දියවැඩියා රෝගය තිබුණත් ඔහු එය පාලනය කරගත් බවත් ඔහු නිරන්තරයෙන්ම ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය සන්තකයේ තබාගන්නා අයකු වුවත් රෝහල් ගතකළ අවස්ථාවේ ඒ කිසිවක් නොතිබූ බවත් එම කටඋත්තරය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරිවී සිදුවූ ඉරණම..තරුණිය හඬා වැටෙමින් ඉල්ලූ දේ..

මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරිවී සිදුවූ ඉරණම..තරුණිය හඬා වැටෙමින් ඉල්ලූ දේ..


මීට මාසයකට පෙර යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැටලීමට ලක්කළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට සැක කර්මාන්තශාලාව ආවා කල්ලියේ සාමාජිකයකු හා ඔහුගේ බිරිඳ විසින් කුලියට ලබාගත් නිවසක පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනු ලබයි.

මෙම සැකකරු හා සැකකාරියද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණු අතර මොවුන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ගෙන්වාගෙන විද්‍යුත් උපක්‍රම ද භාවිතා කරමින් මෙම නිෂ්පාදන කටයුතු සිදුකර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එවක යාපනය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වූ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණු අතර, මේ සඳහා නිවස කුලියට දුන් පුද්ගලයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ ඔහු පැනගොස් ඇති නිසාය.

මෙම කර්මාන්තශාලාවෙන් හසුවූ නළ හා දඟරවලින් ලබාගත් සාම්පල මගින් එහි අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට හෙළිවී ඇති අතර ඒ සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි, උසස් පොලිස් නිලධාරියකු සඳහන් කර සිටියේ.

පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කළේ, මෙරට පළමු වරට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ උත්සහායක් වාර්තා වූයේ අවිස්සාවේල්ල කොස්ගම පොලිස් වසමේදී බවත් එය 2009 දී වාර්තාවූ බවයි.

තරුණ අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරාදමයි..මුළු ප්‍රදේශයක්ම උණුසුම්වෙයි.(PHOTOS)

තරුණ අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරාදමයි..මුළු ප්‍රදේශයක්ම උණුසුම්වෙයි.(PHOTOS)


ඉන්දියාවේ නිවෙස්වල අයිස් මත්ද්‍රව්‍ය නිෂාපාදනය කරන ආකාරයට මෙරටදීත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට පෙලඹීම මැඩලීම බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අවසන් වරට පැවති යුක්තිය මෙහෙයුම සම්බන්ධ සමාලෝචන රැස්වීමේදී පොලිස් ප්‍රධානීන් ට අනතුරු අඟවා තිබීම,පොලිසියට මීළඟට ඇති අභියෝගය වී තිබේ.