වහාම මෙතෙක් මෙම අරමුදල හරහා පාසල් දරුවන් ඇතුළු පිරිසට ලබා දුන් සියලු දීමනා අහෝසි කරයි

Report

තමන් පිහිටුවන ලද ප්‍රධාන අරමුණු ඉටු නොකරන සහ පරමාර්ථවලින් බැහැරව කටයුතු කරන ව්‍යවස්ථාපිත රාජ්‍ය අරමුදල් රැසක් ඈවර කිරීමට හෝ වෙනත් අරමුදල් සමඟ ඒකාබද්ධ කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂ කමිටුවක් මඟින් සිදුකරන ලද සමාලෝචන වාර්තාව පදනම් කරගනිමින් මෙම ඈවර කිරීම් සහ ඒකාබද්ධ කිරීම් සිදුකිරීමට නියමිතය.

“අද මුහුදට යනවා නම් අවධානයෙන් ඉන්න” – තද සුළං සමග මුහුද රළු වන ප්‍රදේශ මෙන්න

“අද මුහුදට යනවා නම් අවධානයෙන් ඉන්න” – තද සුළං සමග මුහුද රළු වන ප්‍රදේශ මෙන්න

මෙම පියවර යටතේ කම්කරු අමාත්‍යාංශය යටතේ 1998 අංක 12 දරන පනතින් ස්ථාපිත කරන ලද 'ශ්‍රම වාසනා අරමුදල' ද ඈවර කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළේය.

අදාළ කමිටු විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පසුගිය කාලයේ ශ්‍රම වාසනා අරමුදල මඟින් එහි මුල් අරමුණුවලට පරිබාහිරව පාසල් දරුවන්ට බෑග් සහ වෙනත් උපකරණ බෙදාදීම වැනි කටයුතු සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර ඇති බවයි.

ලංකාව මේ බද්දට හදිසි අවශ්‍යතාවක් නෑ කිව්වත් බද්ද වහාම පනවන්නැයි IMF එකෙන් ලංකාවට දැනුම් දෙයි

ලංකාව මේ බද්දට හදිසි අවශ්‍යතාවක් නෑ කිව්වත් බද්ද වහාම පනවන්නැයි IMF එකෙන් ලංකාවට දැනුම් දෙයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීම සහ රාජ්‍ය මුදල් භාවිතයේ ඒකාග්‍රතාවය සහ විනිවිදභාවය තහවුරු කිරීම වෙනුවෙන් රජය මෙම තීරණයට එළඹ ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.