රත්තරන් ආයෙත් ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න
ලෝක වෙළෙඳපොළේ රත්රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්රං මිල ද විශාල ලෙස නැවත ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,150 ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකාවේ රන් මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 6,000කින් අද (25) දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

එබැවින් අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක් මිල රු. 309,200ක් ලෙස වාර්තා වුණා.
ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 303,600ක් වශයෙන්.
එමෙන්ම ඊයේ දිනයේ දී රු. 330,000ක් වශයෙන් පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
