සිපෙට්කෝ මිලට සාපේක්ෂව සිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් ඉහළට - නව මිල මෙන්න

Report

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව සයිනොපෙක් සහ IOC සමාගම් ද ඉහළ දැමීමට තීරණය කර ඇත. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ සියලු ඉන්ධන වර්ග වල මිල ගණන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල නංවන බවයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 303ක් ලෙසයි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

ඒ අනුව එහි නව මිල රුපියල් 353ක් වන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 365ක් ලෙසයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් ලෙස සදහන් වේ. භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 195ක් ලෙසයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 28 වැනිදායි.

තෙල් මිල ඉහළ යෑමෙන් බස් ගාස්තු වෙනස් වෙයිද? ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

තෙල් මිල ඉහළ යෑමෙන් බස් ගාස්තු වෙනස් වෙයිද? ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්